ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති වීමේ ගැටළුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක සිටින බව ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන්මහා තරගයට ආර්ජන්ටිනාව සුදුසුකම් ලැබීමත් සමගින් ආර්ජන්ටිනාවේ අගනගරය වූ බුවනෝස් අයර්ස් වෙතට විශාල ජනගංගාවන් ඇදී ඒමට පටන්ගෙන ඇත.
Read Moreබද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සමගින් පැවති තරගයෙන් ලකුනු 10 ක තියුනු ජයක් හිමිකර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් සමත්විය. තරගාවලියේ 13 වැනි තරගය ලෙස අද (14දා) සන්ධ්‍යාවේ මෙය පැවැත්විණි.
Read Moreලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම වසරට අදාළ (2022) ප්‍රසාද දීමනව අත්හැරීමට එකඟ වූ බවට මහජන උපයෝගීතා කොමිසම අද (14දා) ප්‍රකාශයක් නිකුත් කළත්, විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය එවැනි එකඟතාවක් පළ කර නොමැති බව එම සන්ධනායේ සාමාජික විදුලිබල මණ්ඩල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම ශාඛාව පවසයි.
Read Moreමූල්‍ය අරමුදලේ සහාය ඇතිව හෝ නොමැතිව රට ඉදිරියට යා යුතු බවත් නිවැරදි ප්‍රතිපත්ති රාමුවක රට ගමන් කළ යුතු බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Read Moreපල්ලෙකැලේ පොලිස් වසමේ පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ අඩි තුනක් පමණ උසඅඩි තුනක් පමණ පළල සඳගල නැමැති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහනක්සොරුන් විසින් ගලවා ගන්න ගොස් ඇති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පල්ලෙකැලේ පොලීසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ.
Read Moreජනවාරි මාසයේ දී අයිඑම්එෆ් ණය ලබා ගත හැකි බවටත් ඉන් පසු ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක ණයක් ලැබෙන බවටත් ආණ්ඩුව පවසන්නේ අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිවසටද අලාභානි සිදු කළ බවට චෝදනා ලැබ සිටි 11 වැනි සහ 12 වැනි චූදිතයන් අද (14) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
Read Moreකිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225 කින් අද (14දා) මධ්‍යම රාත්‍රී සිට පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.
Read Moreළමා මන්දපෝෂණය ඇති බවට කළ ප්‍රකාශයෙන් අනතුරුව වැඩ තහනම් කිරමෙන් සෞඛ්‍ය බලධාරීන් තම මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය කළැයි කියමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14දා) තීරණය කළේය.
Read Moreමුහුදු පොකිරිස්සන් ඇල්ලීමට බෝට්ටුවකින් උස්වැටකෙයියාව මුහුදු තීරයේන් ගෑඹුරූ මුහුදට ගිය මුහුදු කිමිදුම්කරුවකු එලන ලද දැලකට පැටලී මිය ගොස් සිටියදී හමුවී ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.
Read Moreප්‍රථිපල එන්නේ නැත්නම් පරණ තැන සිරවී සිටීමෙන් වැඩක් නැති බවත් ණය උගුලෙන් බේරීමට අලුත් ආර්ථිකයක් ඇතිකළ යුතු බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreබිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.
Read Moreකෝටි 5 කට ආසන්න අගරු චෙක්පත් ලබා දී වංචා කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඌවතැන්නේ සුමන හිමි ලබන 24දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (14දා) නියෝග කළේය.
Read Moreඇමරිකානු ඩොලර් මිලියන 74.87ක් වටිනා 2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර ඇත.
Read Moreමෙරට දිනකට පස් දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවන බව දකුණු පළාත භාර ජෙයෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා අද (14දා)අම්බලන්ගොඩ පැවති උත්සවයකදී පැවසීය.
Read Moreමෙම වසරේදී මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 644,186 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මලද? නිල්මානෙල් මලද? යන්න පිළිබඳව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ සාකච්ඡා වූයේ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
Read Moreදිවයින පුරා පිහිටි ආකර්ෂණීය සංචාරක ස්ථාන සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් වෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read More2022 කටාර් ලෝක කුසලාන තරගාවලිය යටතේ එළැඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය තමන්ගේ ක්‍රීඩා දිවියේ අවසන් ලෝක කුසලාන තරගය වෙනු ඇතැයි ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පවසයි.
Read Moreකළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු අද (14දා) අළුයම සිව්වන මහලෙන් බිමට පැන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොහුවල පොලීසිය පවසයි .
Read More(LONG READS)’ආදායම් වියදම්’ පිළිබඳ අද සෑම තරාතිරමකම පුද්ගලයන් අන්කවර දාකටවත් වඩා කතාබහට ලක්වන කරුණකි. ආර්ථික උද්ධමනය, ආහාර උද්ධමනය පිළිබඳ පර්ලිමේන්තුවේ පවා වාද විවාදයට ලක්ව ඇත. ඉන් නොනැවතී විදේශීය ප්‍රජාවගේද අවධානය අප රටේ ආහාර උද්ධමනය කෙරෙහි යොමු වී ඇත.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟවී ඇති ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමට එම අරමුදලේ විධායක මණ්ඩලය වසර අවසන් වීමට අනුමැතිය නොලැබෙනු ඇතැයි මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමි්න රොයිටර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (13දා) සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 180 ක් පමණ (කිලෝ මීටර් 333 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් පෙරලීමෙන් අනතුරට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් නිරුපද්‍රිතව බේරාගැනීමෙන් අනතුරුව, ගොඩබිමට රැගෙනවිත් හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.
Read Moreසහල් ආනයනය බලපත්‍ර ක්‍රමයට යටත් කරමින් සහ වර්ග කිහිපයක සහල් ආනයනය තාවකාලිකව තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකිරීමට කටයුතු කර තිබේ. මෙම මිල අඩු කිරීම (14දා) සිට දිවයින පුරා ක්‍රියාත්මක සතොස අලෙවි සැල් මගින් ක්‍රියාත්මක කරයි.
Read Moreශ්‍රී ලංකාවට ආවේනික සත්ව විශේෂයක් වන කහ මාපිලාට නව විද්‍යාත්මක නාමයක් හිමි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පරිසරවේදියෙකු වන ප්‍රදීප් සමරවික්‍රම මහතා පවසයි.
Read Moreබීජිං, (Xinhua) --චීනයේ Chang’e-5 මෙහෙයුම මගින් ලබා ගත් චන්ද්‍ර සාම්පල අධ්‍යයනය කිරීමෙන් පසු චන්ද්‍රයා මත කලින් සිතුවාට වඩා ජලය ඇති බවට චීන විද්‍යාඥයින් තහවුරු කර ගෙන තිබේ.
Read Moreඑක් ගොවියෙකුගේ නිෂ්පාදනවලින් කිලෝ ග්‍රෑම් දෙක බැගින් වංචා කළත් විශාල මුදලක් දිනකට දිවයින පුරා ගොවි ජනතාවට මෙම හොර තරාදි භාවිතා කරන වෙළෙන්දන් විසින් අහිමි කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
Read More