සැමියා හිනෙන් කියූ නිධානය ගන්න ගිහින් කාන්තාවන් 4ක් ඇතුළු 5ක් අල්ලයි
හෝමාගම සිට අඳුනක් බලමින් දුරකථනය ඔස්සේ ලබා දෙන උපදෙස් අනුව කිරිවත්තුඩුව මැද්දහේන වත්ත ප්‍රදේශයේ තාප්පයකින් වටවූ නිවසක් ඉදිරිපිට නිධානයක් හාරමින් සිටි කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
එම සැකකාරියන් සමඟ වතුර ඉසීම සඳහා යොදාගත් මෝටර්යක්, ප්ලාස්ටික් බට තොගයක්, පූජා භාණ්ඩ සහ මල් පහන්, බේසම් සහ බාල්දි පොලිස් භාරයට ගෙන ඇත.
සැකකාරියන් අතර නිවෙස් හිමි 76 දි කාන්තාවක් මෙන්ම 20 හැවිරිදි තරුණියක් ද වන බව පොලිසිය කියයි. සෙසු සැකකාරියන් අතර අතර "මෑනි" යනුවෙන් හඳුන්වන කාන්තාවක් ද වන බව පොලිසිය කියයි
නිවස ඉදිරිපිට ලිද තුළ නිධානයක් තිබෙන බවට නිවෙස් හිමි 76 හැවිරිදි සැකකාර කාන්තාවගේ මියගිය සැමියා හීනෙන් පැවසූ බවත් අනතුරුව එය ගොඩ ගැනීම සඳහා හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ මෑණි කෙනෙක් හමුවට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බහුතරයක් කාන්තාවන්ගෙන් සමන්විතව මෙම නිධානය ගොඩ ගැනීමට හැකි බව මෑනි යැයි කියා ගන්නා ලද කාන්තාව දින කීපයකට පෙර ලබාදුන් ලද උපදෙස් අනුව ඊයේ (3) දහවල් නිධානය ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කළ බව ප්‍රධාන සැකකාරිය පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දී ඇත.
ඒ සඳහා සැකකාර මෑණි යැයි කියා ගත් කාන්තාව අඳුන බලමින් හෝමාගම පනාගොඩ සිට දුරකථනයෙන් උපදෙස් ලබාදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී සැකකාරියන් සහ සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
-
සුරංග Saturday, 06 May 2023 02:50 AM
කාන්තාවන් හා පිරිමි පුද්ගලයින් කියන්නෙ නැතුව පිරිමි නොකියන්නෙ ඇයි කියලා තේරුම් ගන්න බැහැ ඇත්තටම කාන්තාවන් හා පිරිමින් කිව්වම වරදක් තිබේද කියලා පැහැදිලි කරල දෙන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

