පසුගිය දින කිහිපය තුල නුවරඑලිය දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග අඩාල වී තිබූ වතුකරයේ තේ දළු නෙලීම් සහ තේ නිෂ්පාදන කටයුතු (01) දින සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව වතු අධිකාරිවරුන් පැවසීය.
මේ අනුව තේ වතුවල දළු වැවී ඇති නිසා දිනපතා තේ දළු නෙලීමේ වැඩ කටයුතුවලට සේවකයින් යොදවන බවත්, තේ නිෂ්පාදන කටයුතුද ඉහළ දමා ඇති බවයි වතු අධිකාරිවරුනැ වැඩි දුරටත් කියා සිටියේ.
