ඉල්ලුමට අනුව සැපයුමක් නෑ එළවළු මිළ ඉහළට?
පැවති අයහපත් කාලගුණයෙන් නුවරඑලියේ එලවලු වගාව විනාශ වී ඇති බවත්, ඒ අනුව ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ එලවලු මිල ඉහළ යා හැකි බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් එස්.සනිද්දාසන් මහතා පැවසීය.
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේදි (010 දින අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයෙන් නුවරඑලියේ එලවලු වගාවට දැඩි බලපෑමක් එල්ල වූ නිසා වගාවට හානි සිදු වී ඇති බවයි.
එලවලු කොළඹට ප්‍රවාහනය කිරිමට ගැටළු මතු වී ඇති නිසා නුවරඑලිය ප්‍රදේශයේ ගොවීන්ගෙන් එලවලු ආර්ථික මධ්‍යස්ථානයට මිලදී නොගත් බවයි.
ගොවීන්ගෙන් (01) දින කැරට් කිලෝවක් රු.500ක් වැනි මිලකට මිලදී ගත් බවත්, පසුගිය දිනවල කැරට් කිලෝව රු.100ක් වැනි තොග මිලකට අලෙවි වූ බවයි ලේකම්වරයා කියා සිටියේ.
පැවති වර්ෂාවත් සමග අලෙවි කිරිමට සුදානම් කර තිබූ බීජ අර්තාපල් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවත්, එම බීජ අර්තාපල් අව්වේ වේලා නැවත භාවිතයට ගැනීමට උත්සහයක නිරතව සිටින බවද ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

