හදිසි ආපදා තත්වය හේතුවෙන් ඇති වු ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට බෙදාදීම සදහා වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් නියමව සිටින රැදවියන්ගේ 2025 දෙසැම්බර් 01 වන දින දෛනික ආහාරවේලෙන් එක් ආහාරවේලක් සදහා යොදා ගන්නා ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ. එම වියළි ආහාර ද්‍රව්‍ය කොළඹ මහ නගර සභාව හරහා පීඩාවට පත් ජනතාවට බෙදාදීමට කටයුතු යොදා ඇති අතර, අදාළ වියළි ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාදීම සදහා කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිතුමා වෙත භාරදීමට නියමිතයි.