විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වසර තුළ වාර්තා වූ ධනාත්මක ප්‍රවණතාව පවත්වා ගෙන යමින් 2025 වසරේ ඔක්තෝබර් මාසයේ දී 2020 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව වාර්තා වූ ඉහළම මාසික ලැබීම වාර්තා කර තිබේ.
එසේම, සමුච්චිත පදනමක් මත, වසරේ මුල් මාස දහය තුළ ප්‍රේෂණ සියයට 20.1ක වාර්ෂික ලක්ෂ්යමය වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.