සියයට 13.5ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලයි
මෙම වසරේ දෙවන කාර්තුව සදහා 13.56%ක විදුලි ගාස්තු ඉහළ නැන්වීමක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂමට යෝජනා කර තිබේ.
අප්‍රේල් 01 සිට ජුනි මස 30 වනදා දක්වා වන කාලය සඳහා මෙම විදුලි ගාස්තු සංශෝධනය ඉල්ලීම් කර ඇත.
ඒකක 0 සිට 30 ඒකකයට රුපියල් 4.50 සිට රුපියල් 5.11ක් දක්වා ඉහළ දැමීමට අපේක්ෂා කෙරේ.
ඒකක 31 සිට 60 දක්වා ඒකකයට රුපියල් 8 සිට රුපියල් 9.08ක් දක්වා ඉහළ නැංවිමට යෝජනා කර තිබේ.
ඒකක 61 සිට 90 දක්වා ඒකකයකට රුපියල් 18.50 සිට රුපියල් 21.01 දක්වා ඉහළ නැංවිමට යෝජනා කර තිබේ.
ඒකක 91 සිට 120 දක්වා ඒකකයට රුපියල් 24 සිට රුපියල් 27.25ක් දක්වා ඉහළ නැංවිමට යෝජනා කර තිබේ.
ඒකක 121 සිට 180 දක්වා ඒකකයට රුපියල් 41 සිට රුපියල් 46.56 දක්වා දක්වා ඉහළ නැංවිමට යෝජනා කර තිබේ.
ඒකක 181කට වැඩි ඒකකයක් සඳහා රුපියල් 61 සිට රුපියල් 69.27ක් දක්වා ඉහළ නැංවිමට යෝජනා කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

