හැටන් ඩිපෝවේ ආදායම් ඉහළට
ආදායම් සතියට සමගාමීව හැටන් ලංගම ඩිපොවේ දෛනික ආදායම් තත්වය ඉහළ දැමිමට හැකි වු බව එම ඩිපොවේ කළමණාකරු නලින් වීරසූරිය මහතා පැවසීය.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්රධාන කාර්යාලය විසින් මේ මස (09) දින සිට (15) දින දක්වා ආදායම් සතියක් ප්රකාශයට පත් කර තිබූ බවත්, එම ආදායම් සතියට සමගාමීව හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම ලක්ෂ 24-25ත් දක්වා පැවති බවත්, එය මේ වන විට ලක්ෂ 32දක්වා ඉහළ නංවා ඇති බවයි ඩිපෝ කළමණෘකාරවරයා කියා සිටියේ.
හැටන් ලංගම ඩිපෝව මගින් දිනකට බස් රථ 81ක් දුර සහ කෙටි දුර ධාවනයට එක් කර ඇති බවත්, ඉන් දිනකට බස් රථ 23ක් කොළඹ දක්වාත්, මහනුවර දක්වා බස් රථ 24ක් ධාවනයට එක් කර ඇති බවත්, සෙසු බස් රථ කෙටි දුර ධාවනයට යොදා ඇති බවයි කළමණාකාරවරයා කියා සිටියේ.
දුර ගමන් සේවා බස් රථ වලින් වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවත්, 2025-2026 වසරේ ශ්රී පාද වන්දනාවාරය ආරම්භ කර ඇතත්, හැටන් දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය නොවීමෙන් හැටන් සිට නල්ලතන්නිය දක්වා වසර ගණනාවක් අකණ්ඩව පවත්වාගෙන ආ දුම්රිය ලංගම ඒකාබද්ධ සේවය දැනට තාවකාලිකව නතර වි ඇති නිසා හැටන් ලංගම ඩිපෝවට විශාල ලෙස ආදායම් තත්වයේ අඩුවක් පවතින බවයි ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ.
තවද, ආදායම් සතියට සමගාමීව ආදායම් තත්වය ඉහළ නැංවිමට හැටන් ලංගම ඩිපෝවේ රියදුරන්කො න්දොස්තරවරුන් සහ අනෙකුත් සේවකයින් දැඩි කැපවිමකින් කටයුතු කිරිම නිසා ආදායම්තත්වය ඉහළ දැමීමට හැකි වූ බවද එම නිළධෘරින් වැඩි දුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

