ස්ථාන කිහිපයක සිදුවන වෙඩි තැබීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත් එක් එක් කණ්ඩයම් සිය ප්රතිරූප වෙනුවෙන් මෙවැනි වෙඩි තැබිම් සිදුකරන බවත් හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසිය.
අතීතයේ සිටි පාලනයන් යටතේ පාතාලය ගොඩ නැගුණ බවත් වත්මන් රජයට එවැනි සබඳතා නොමැති බැවින් මෙය සහ මුලින්ම අවසන් කළ හැකි බවත් ඔහු පැවැසීය.
යතුරු පැදියකින් පැමිණ සිදුකරන වෙඩි තැබීම් මුළු හමුදාවම කොළඹට දැම්මත් නතර කළ නොහැකි බවත් නමුත් පාතාලයට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇති බවත් ඔහු පැවැසිය.