ලෝක කුසළාන විස්සයි විස්ස තරගාවලියේ 02/15 දින කොළඹ පැවති ඉන්දීය - පකිස්තානු ක්‍රිකට් තරගය නැරඹීම සදහා විශේෂ පෞද්ගලික ජෙට් ගුවන් යානා 15 කින් ලොව පුරා ක්‍රිකට් ලෝලීහු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එම ගුවන් යානා 02/14 දින සිට ඉන්දියාව , පකිස්තානය ඇතුළු තවත් රටවල් ගනනාවකින් පැමිණ තිබුණි .
එම ගුවන් යානා වලින් පකිස්තාන ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසක් , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ.ෂාහ් මහතා ඇතුළු කෝටිපති ව්‍යාපාරිකයන් රැසක් ද පැමිණ සිටියහ .ඔවුන් මේ වනවිට ඔවුන් පැමිණි ගුවන් යානා වලින්ම පිටත්ව ගොස් තිබේ .
