යළිත් හෙට (09) සිට සිකුරාදා (12) දක්වා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකරයි.
උතුර, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සහ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 75-100 අතර තද වැසි අපේක්ෂා කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය