පාසල් 9929 ක් ලබන 16 දා ඇරඹෙයි
2025 තෙවැනි පාසල් වාරයේ දෙවැනි කොටස අරම්භය ලබන 16 දා සිදුවන බවත් එහදී ලංකාවේ සියලුම පාසල් අතරින් පාසල් 9929ක් අධ්‍යන කටයුතු ආම්භ කරන බවත් අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා පැවැසීය.
එදිනට විවෘත කිරිමට නොහැකි පාසල් සංඛ්‍යාව 147ක් බවත් එම පාසල් අතරින් ඌව පළාතේ පාසල් 26, වයඹ පළාතේ පාසල් 06, මධ්‍යම පළාතේ පාසල් 115 පිහිටා ඇති බවත් ඔහු පැවැසිය.
16 දා පාසල් ආරම්භ කිරීමෙන් පසුව ලබන 22 දා තෙක් නැවත පාසල් ක්‍රියාත්මක බවත් ඉන් අනතුරුව නත්තල් නිවාඩුව 22 දා සිට ක්‍රියාත්මක බවත් ඔහු පැවැසීය. යළිත් දෙසැම්බර් මස 29,30 හා 31 දිනයන්හි පාසල් පැවැත්වෙන බවත් 2025 වසරේ තෙවැනි වාරය දෙසැම්බර් මස 31 අවසන් කරන බවත් ඔහු පැවැසීය.
2026 වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 05දා ආරම්භ කරන බවත් එය ජනවාරි මස 12 දා තෙක් ක්‍රියාත්මක බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.
නැවතත් ජනවාරි මස 12 දා සිට 20 දා තෙක් පාසල්වලට නිවාඩු ලබා දෙන බවත් එම කාලය තුළ උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස පවත්වන බවත් ඔහු සඳහන් කළේය. නැවතත් ජනවාරි මස 21 දා පාසල් ආරම්භ කරන බවත් එම අධ්‍යනය කාලය පෙබරවාරි මස 13 දා තෙක් ක්‍රියාත්මක බවත් නාලක කලුවැව මහතා පැවැසීය. ඉන් අනතුරුව සාමාන්‍ය පෙළ සඳහා පාසල් නිවාඩුව ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවැසීය.
කලින් සැලසුම් කළ අයුරින් පෙබරවාර මස 14 වැනිදා සිට මාර්තු මස 02 දා තෙක් කලින් සැලසුම් කළ පරිදිම සාමන්‍ය පෙළ පවත්වන බවත් ඔහු පැවැසීය. ඉන් අනතුරුව මාර්තු මස 03 දා සිට අප්‍රේල් මස 10 දා අවුරුදු නිවාඩුව තෙක් පාසල් ක්‍රියාත්මක බවත් ඉන් ඉදිරියට කලින් නිවේදනය කළ ආකාරයට පාසල් වාරයන් හා විභාගයන් ක්‍රියාත්මක බවත් ලේක්ම්වරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

