සිදුවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් මානසික පීඩන තත්ත්වයන් මතුව ඇත්නම්, ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකථන අංකය අමතා අවශ්‍ය උපදේශන ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔබ පීඩාවට පත්ව ඇත්නම්, තරහා යෑම, නින්ද නොයෑම, ආහාර අරුචිය, තෙහෙට්ටුව ආදී ලක්ෂණ ඇති විය හැකි බවත්, මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකථන අංකය අමතා අවශ්‍ය උපදේශනය ලබා ගන්නා ලෙස ඔවුන් වැඩිදුරටත් දැනුම් දී සිටියි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය