නුවරඑළිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ජනපති දුන් නියෝග
නුවරඑලිය දිස්ත්‍රික්කයේ ආපදාවලින් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය යථා තත්වයට පත් කිරිමට කඩිනමින් කටයුතු කරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිළධාරින්ට (08) දින ජනාධිපති නියෝග කරනු ලැබීය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යලයේදි (08) දින පැවති නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එම නියෝගය සිදු කලහ.
මෙම රැස්වීමෙදි මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂකවරයා කරුණු දක්වමින් කියා සිටියේ පසුගිය දිනවල සිදු වූ ආපදාවෙන් පාලම් රැසක් කැඩි විනාශ වී ඇති බවත්, එම පාලම් අලුත්වැඩියා කිරිම සදහා පාලම් හිගයක් පවතින නිසා එම මාර්ග අලුත් වැඩියා කිරිමට නොහැති තත්වයක් උද්ගත වී ඇති බවයි.
එම පාලම් කඩිනමින් ලබා දෙන බව ජනාධිපතිවරයා මෙම රැස්වීමේදි පොරොන්දු වූ අතර, මාර්ග අලුත්වැඩියා කිරිමට යුධ හමුදාවේද සහයෝගය ලබා ගන්නා ලෙස පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබා දෙනු ලැබුවා.
මෙහිදි ජනාධිපතිවරයා පාළාත් කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගෙන් කරුණු විමසමින් අසා සිටියේ ආපදාවෙන් එළවලු වගාවට දැඩි බලපෑමක් සිදු වී ඇත්ද යන බවයි.
එහිදි අධ්‍යක්ෂකවරයා කියා සිටියේ එලවලු වගාවට හානියක් සිදු වී ඇතත්, එය මිළ ඉහළ යෑමට තරම් හේතුවක් වි නොමැති බවයි.
පවතින එලවලු සදහා වෙළදපොලේ ඉල්ලුමෙක් නොමැති විම හමුවේ එලවලු මිල මේ වන විට පහත වැටී ඇති බවද අධ්‍යක්ෂකවරයා මෙම රැස්වීමෙදි කියා සිටියා.
මෙහිදි ජනාධිපතිවරයා කියා සිටියේ දේශීය වෙළදපොලේ එලවලු මිල ඉහළ යාම හේතුවෙන් ශීත කල එලවලු ආනයනය කිරිමට කෘෂිකර්ම කමිටුවෙන් තීරණයක් ගෙන ඇති බවත්, දේශීය වෙදළපොළට අවශය එළවලු තොග තිබෙන නිසා ශීත කල එළවලු ආනයනය කිරිමට ගත් තීරණය ක්‍රියාත්මක නොකරන බවයි.
පසුගිය දා නුවරඑලිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුරට හේතුව නුවරඑලිය ග්‍රෙගරි වැවේ සොරොව්ව එක්රැස්වන ජලධාරිතාව පිට කිරිම සදහා ප්‍රමාණවත් නොවන බව නුවරඑලිය මහ නගර සභාවේ සභාපතිවරයා එහිදි කියා සිටියා.
මෙහිදි ග්‍රෙගරි වැවේ පාලනය නගර සභාව සතු නිසා සොරොව්වේ පාලනය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරන ලෙස ජනාධිපතවරයා නුවරඑපලිය මහ නගර සභාවේ සභාපතිවරයාට උපදෙස් දෙනු ලැබුවා.
කොත්මලේ ජලාශයේ තත්වය පිලිබදව පැහැදිලි කරන ලෙස ජනාධිපතිවරයා කොත්මලේ ජලාශයේ වේල්ල භාර ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් කරුණු විමසීමෙදි එම ඉංජිනේරුවරයා කියා සිටියේ කොත්මලේ ජලාශයට එක්වරම විශාල ජලධාරිතාවක් ගලා ආ ප්‍රථම වතාව මෙය නිසා ජලාශ වේල්ල විවෘත කරන බවට සංඥාව නිකුත් කර ජලාශයේ වේල්ල විවෘත කල බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

