ටෝකියෝ, දෙසැම්බර් 8 (රොයිටර්) - ජපානයේ ඊසානදිග ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 7.6 ක ප්‍රබල භූමිකම්පාවක් ජපාන වේලාවෙන් අද රාත්‍රි 11.15ට ඇතිව තිබේ. මෙම භූමිකම්පාව හේතුවෙන්ත සුනාමි අනතුරු ඇඟවීම් සහ පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස නියෝග නිකුත් කරන තිබේ.
මෙම භූමිකම්පාවෙන් පසු ජපානයේ ඊසානදිග වෙරළ තීරයට මීටර් තුනක් (අඩි 10) ක් උස සුනාමියක් ඇති විය හැකි බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) පැවසීය.
හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරන ලද අතර, වරායන් කිහිපයක සෙන්ටිමීටර 20 සිට 50 දක්වා (අඟල් 7 සිට 18 දක්වා) උස සුනාමි නිරීක්ෂණය වූ බව JMA පැවසීය.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය අමෝරි ප්‍රාන්තයේ වෙරළට කිලෝමීටර 80 (සැතපුම් 50) ක් දුරින්, කිලෝමීටර 50 (සැතපුම් 30) ක් ගැඹුරින් පිහිටා ඇති බව ඒජන්සිය වැඩිදුරටත් පැවසීය.
