saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 4141 hours ago

LATEST

අනාගතය සමග සෙල්ලම් කරන්න එපා

calendar_today 2023 පෙබ 21 - 14:39 remove_red_eye - 1437  

මම ජනාධිපති වෙනකොට අවුරුදු 13ක් ඉන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ශ්‍රී ලාංකික ජනතාවට මීට වඩා ශක්තියක් තියෙනවා නැගලා එන්න. වලෙන් ගොඩ එන්න බැරිනම් වලේම හිර වෙනවා. වලෙන් ගොඩ එන්න ඕන කියලා හැම කෙනාම පිළි ගන්නවා. එක ඉනිමගයි තියෙන්නේ ගොඩ එන්න. ඒ අයි.එම්.එෆ්. එක. වෙන ඉනිමගක් තිබෙනවානම් කරුණාකර කියන්න. වාද කරමු විවා

ලාංකේය සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සැකසුන ,සංචාරක කාඩ්පත (Travel Card)එලි දැක්වීම හා අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දී සිදුවුණා. මෙම කාඩ්පත නිකුත් කිරීමෙන් පසු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක කර්මාන්තයේ විවිධ සේවාවන් සපයන අය සදහා සංචාරකයන් සමඟ ගනුදෙනු කිරීමේදී විශේෂ වරප්‍රසාද හිමිවෙයි.

Read More

ජාතික ආරක්ෂක මණ්ඩලයක් ස්ථාපිත කිරිම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබි තිබේ.

Read More

දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අලුබෝමුල්ල මහබෙල්ලන කොස්ගහ වත්ත ප්‍රදේශයේ නිවසකට ගිනි තැබූ පිය පුතු දෙපලක් එම නිවසේ සුරතලයට ඇති දැඩි කළ සුනඛයාද ගින්න මතට විසි කර මරා දමා ඇතැයි අලුබෝමුල්ල පොලිසිය කියයි.

Read More

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නිරතව සිටි ශ්‍රී ලාංකික යුධ හමුදා නිලධාරීවරයෙකු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පැවසීය.

Read More

පදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ සිටී මාස 2ක් වයසැති සුනඛ පැටවුන් දෙදෙනෙකු යට වන ආකාරයට මෝටර් රථය පදවා සුනඛ පැටවුන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයෙකු බිරිඳක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

යූටියුබ් නාලිකාවක් හරහා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සේපාල් අමරසිංහ ගොනු කර ඇති නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද නියෝග කළේය.

Read More

මැතිවරණයක් ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ විරෝධතාවක් ආරම්භ කිරීමත් සමග පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගත විය. ඒ අනුව පෙ.ව. 10.20ට පමණ කථානායකවරයා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබිමට කටයුතු කළේය.

Read More

කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව අද පාර්ලිමේන්තුව තුළද සාකච්ඡාවට ලක්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා ‌මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමුකළේය.

Read More

විපක්ෂනායකවරයාගේ කාර්යලයේදී විපක්ෂ සංවිධායකවරයා ඒ් කාරක සභාව (පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව) සඳහා විපක්ෂයේ නියෝජිතයන් පත්කරන කොට තමන්ගේ කණ්ඩායම්වලින් විතරද පත්කරන්නේ. එතනදීවත් සාධාරණ වෙන්න බැරිනම් මේ විපක්ෂනායකවරයාට, විපක්ෂ සංවිධායකවරයාට මොක්කුද මේ.

Read More

රවුෆ් හකීම්, විජිත හේරත්, පාඨලි චම්පික රණවක,චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, හර්ෂ ද සිල්වා,එම්.ඒ සුමන්තිරන්,හේෂා විතානගේ,මයන්ත දිසානායක සහ හර්ෂණ රාජකරුණා යන විපක්ෂයේ මන්ත්‍රිවරුන් මෙසේ නම්කර තිබේ.

Read More

යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඬ පොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) සියලුම ගොවීන්ට වගාවට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට රජය තීරණය කර තිබේ.

Read More

මුහුණු පොතෙන් හඳුනා ගත් අනියම් සැමියාට සිය හත් හැවිරිදි දියණිය අපයෝජනය කිරිම සඳහා අනුබල දුන්බව කියන එම දියණියගේ මව සහ අනියම් සැමියා කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

Read More

සිංගප්පූරුවේ ජුරෝන් නගරය ආයෝජන කලාපයක් වශයෙන් තමයි දියුණු කළේ. ශ්‍රී ලංකාව නව ආර්ථික ගමනක් සමඟින් ඉදිරියට යාමට නම් ආයෝජන අවස්ථා වැඩි කළ යුතුයි. ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අනුමැතිය ලබා ගැනීමට වසර 10ක කාලයක් ගතවෙනවා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි.

Read More

ඓතිහාසික මහනුවර නගරය විධිමත් ලෙස පුර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව

Read More

විවිධ හේතු මත වසර 03කට අධික කාලයක් ප්‍රමාද වූ මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය කඩිනම් කර, ඉදිරි මහ කන්නයට පෙර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට විදෙස් නිල සංචාර සඳහා එක්වීමේදී රජයේ මුදලින් ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් ආසන වෙන් කිරීම තහනම් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛයක් ළඟදීම නිකුත් කරනු ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

Read More

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කොළඹ කොටුව සිට වග දුම්රිය ස්ථානය දක්වා සුඛෝපභෝගී සති අන්ත විශේෂ දුම්රියක් (සීතාවක ඔඩිසි) එළැඹෙන 26 දා සිට ධාවනයට එක්කර තිබේ.

Read More

සීමාසහිත ලංකා සීනි සමාගමේ පැලවත්ත සහ සෙවණගල ඒකක දෙකේ එතනෝල් නිපදවන බොයිලේරු ක්‍රියාත්මක කිරීම සඳහා එක්තරා සමාගමකින් දැවිතෙල් වෙනුවට කළුතෙල් මිලදී ගැනීමකින් 2021 – 2022 අතර වසරක කාලයේ දී සීනි සමාගමට අහිමි වී තිබෙන මුදල රුපියල් කෝටි හැත්තෑවකට අධික බව රජයේ විගණකාධිපතිවරයා කළ විශේෂ විගණනයක දී හෙළි වී ඇති බව විගණන නිලධාරියෙකු සමඟ එම කාර්යාලයේදී කරන ලද මාද්‍ය සාක්ච්ඡාවකදී අනාවරණය විය.

Read More

චීනයේ ඉල්ලුම ප්‍රකෘතිමත් වීම ප්‍රධානතම සාධකය බවට පත්වෙමින් ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල ඉහළ ගියේය.

Read More

රෝගීන්ට අවශ්‍ය ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය දේශපාලන වුවමනාවන් මත අවුල් කිරීමේ වැඩ පිළිවෙලක් ඇතැම් වෛද්‍යවරුන් ගේද සහාය ඇතිව ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

දෙමටගොඩ ධර්මාරාම පාර කාලිපුල්ලවත්ත නිවසක සඟවා තිබූ තියුණු ආයුධ තොගයක් සමග නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු සමඟ කඩු 13 පොලිස් භාරයට ගෙන ඇත.

Read More

බොරැල්ල රජයේ මුද්‍රණාලයට මීට සුළු මොහොතකට පෙර දී යුද්ධ හමුදාව සහ පොලිසියේ විශාල බල ඇණියක් කැඳවා ඇතැයි වෘතීය සමිති ආරංචි මාර්ග සනාථ කරයි. කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ අතරතුර දී මෙම බලඇණිය කැඳවා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. යුද හමුදා නිලධාරීන් සිය දෙනකු පමණ සහ නිලධාරීන් පනස් දෙනකු පමණ එම ආයතන භූමියට කැඳවා ඇතැයි ද දැනගන්නට ඇත.

Read More

සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පා ගමන විසුරුවා හැරිම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල කළේය. මරදාන ටෙක්නිකල් හන්දියේදී මෙම ප්‍රහාරය එල්ල කළේය.

Read More

මෙය රුසියානු - යුක්රේන ගැටුම් ආරම්භ වීමෙන් පසුව ඇමෙරිකානු නායකයාගේ ප්‍රථම යුක්රේන සංචාරය වීම විශේෂත්වයකි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිණිපේ අමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණයට ගොස් සිටි අවස්ථාවේ ඒ ආසන්නයේ ස්ථානයක පුපුරන ද්‍රව්‍ය යොදාගනිමින් මසුන් මරමින් සිටි සිවිල් ආරක්ෂක භටයකු හසලක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මීපාගම ජලාශයේ සිට කුකුලේගඟ ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන එන නල පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කුකුලේ ගඟ ජල විදුලිබලාගාරය මාස 03ක කාලයක් සඳහා වසා ඇති බව කුකුලේ ගඟ ජල විදුලි බලාගාරයේ ප‍්‍රධාන ඉංජිනේරු ශාන්ත පෙරේරා මහතා පවසයි.

Read More

පසුගිය කාල පරිච්ඡේදය පුරා ම පුළුල් අයවැය පරතරයක් පවත්වාගෙන යමින් එය පියවීමට අඛණ්ඩ ව ම ණය ගැනීම නිසා එය නිෂ්පාදන ආර්ථිකයට එකතු නොවීම හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය හටගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

Read More

නවසීලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජැමින්සෙන්ට මෙම සතියේ තවත් ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මෙම ශල්‍යකර්මය සිදුකළහොත්, ඔහුට තවත් මාස තුන හතරක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත් වී සිටීමට සිදුවනු ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 පෙබරවාරි මස 19 වන දින යාපනය, කරෛයිනගර් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 128 කට අධික තොගයක් (‍තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.