13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි
රටට ගැළපෙන පරිදි දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ හරහා රටේ අනාගතය මෙන්ම සංවර්ධනයද වේගවත් වෙනු ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ මේ සඳහා පාර්ලිමේන්තුවේ සියලුම දෙනා විවෘත මනසකින් කටයතු කළ යුතු බවයි.
විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවේ සියලු දෙයට විපක්ෂ වීම නොවන බවත් තීරණ ගැනීමේදී විපක්ෂය සිය දායකත්වය ලබාදිය යතු බවත් ඔහු පැවැසීය.
රට සංවර්ධනය කරා ගමන් කිරීමට නම් නව මාර්ගයකින් කටයතු කළ යුතු බවත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිරීම විධායකයේ හා ව්‍යවස්ථා දායකයේ වගකීමක් බවද ඔහු පැවැසීය.
පළාත් සභා උතුරට හා නැගෙනහිරට පමණක් සීමා නොවන බවත් පළාත් නමයටම පළාත් සභා ඇති බවත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ එකඟත්වයෙන් නව පළාත් සභා නීතියක් ස්ථාපිත කළ යුතු බවත් එහි කාන්තා නියෝජනය සියයට25ක් කිරීමට කටයුතු කළ යුතුව ඇති බවත් ඔහු පැවැසීය.
popular news
-
Deepal Nirosh Wednesday, 09 August 2023 01:29 PM
13? 13 ක්‍රියාත්මක කරන්න කලින් ඔය පිං ජනාධිපති ධුරය අතහැරල ජනාධීපතිවරණයක් කැඳවල විධායක ජනාධිපති වෙලා ඉන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

