අඹ වැල් හා පේර වැල්වල සාර්ථක ඵලදාවක්
සාම්ප්‍රදායික වගාව තුළ අක්කරයකට අඹ පැළ 84ක් හා පේර පැළ 120ක් රෝපණය කළද, නව ක්‍රමයෙන් අඹ පැළ 560ක් හා පේර පැළ 1,120ක් රෝපණය කිරීමට හැකියාව
අඹ වැල් හා පේර වැල්වලඵල හට ගන්නා‘Espalier System’කෘෂි තාක්ෂණය මෙරට තුළ සාර්ථක වී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් හඳුන්වාදී ඇති මෙම නව වගා ක්‍රමය දඹුල්ල, වෑවල ප්‍ර දේශයේ පිහිටි කෘෂිකාර්මික උද්‍යාන (A Park- Agricultural park)තුළ සාර්ථක වී ඇති අතර, මේ වනවිට එම ප්‍ර දේශයේ ගොවීහු 496ක් අක්කර 425ක මෙම ක්‍රමය යටතේ සාර්ථකව අඹ වගා කර ඇත. මීට අමතරව ගොවීහු 350ක් අක්කර 400ක පේර වගා කර තිබේ.
මෙහිදී ගොවීන්ට අවශ්‍ය තාක්ෂණය, උපදෙස් හා වගා උපකරණ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සපයනු ලබන අතර, ඒ යටතේ එක් ගොවියෙකුට අක්කර භාගයකින්රු පියල් ලක්ෂ 30- 50 දක්වා මුදලක් එක් වාරයකට ඉපයීමට හැකියාව ලැබී ඇති බව සඳහන්ය.
මීට සමගාමීවඅඩු බිම් කොටසක් තුළ වැඩිම පැළ ප්‍රමාණයක් රෝපණය කිරීමේ අධි ඝනත්ව වගා ක්රමයච (UHDP-Ultra High Density Plantation) ප්‍රථම වරට මෙරටට හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් පියවර ගෙන තිබේ.
ඒ අනුව සාම්ප්‍රදායික අඹ හා පේර වගාව තුළ අක්කරයකට අඹ පැළ 84ක් හා පේර පැළ 120ක් රෝපණය කළද, මෙම වගා ක්‍රමය තුළ අක්කරයකට අඹ පැළ 560ක් හා පේරපැළ 1,120ක් රෝපණය කළ හැකි බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පෙන්වා දුන්නේය.



popular news
-
r.a.chula kumara Saturday, 12 August 2023 03:06 PM
mata idamak thiyenawa akkata 5 lidath thiyenawa salli ne wage karanna e.t.f thiyenawa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

