කහපොළ රෙජිඩේල්වත්ත ප්‍රදේශයේ මාර්ගයට කසල බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමදී කාන්තාවකට පහර දී තුවාල සිදු කළ බව පැවසෙන එකම පවුලේ සිව් දෙනකු (08) දා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහපොළ රෙජිඩේල්වත්තේ පදිංචි (30 -40) ව්‍යාපාරිකයකු ඔහුගේ සහෝදරයකු ඇතුළු සිව්දෙනකු බව පොලීසිය කියයි.
පහරකෑමෙන් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා පිලියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
ගැටුමට සම්බන්ධ දෙපාර්ශවය රෙජිඩේල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ නිවස ආසන්න මාර්ගයේ කිසියම් අයෙකු නිරන්තරයෙන් කසල බැහැර කරයි.
මේ සම්බන්ධයෙන් මීට පෙර ද යාබද නිවසක පදිංචි කාන්තාවක් සමග බහින්බස් වීම් සිදුව ඇති අතර (08) දා සවස ද මෙසේ කසළ බැහැර කර තිබේ. ඒ අනුව කසල බැහැර නොකරන ලෙසට යාබද නිවසේ කාන්තාවට පැවසීමේදී දෙපාර්ශවය අතර බහින් බස් වීමක් ඇති වී එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබේ.
එහිදී කාන්තාවක් පහරකෑමට ලක් වී ඇති අතර පසුව ඇය ප්‍රතිකාර සඳහා පිළියන්දල දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
පහර කෑමෙන් කාන්තාවගේ කනට මුහුණට හා සිරුරේ ස්ථාන කිහිපයකට තුවාල සිදුව තිබේ.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී පහර දීම සිදු කළ බව පැවසෙන සිව් දෙනකු දෙනකු අත්අඩංගුවට ගත් බව පැවසේ.
පහරදීම සඳහා සැකකරුවන් තියුණු ආයුධ රැගෙන ආ බවට තුවාල ලැබූ පාර්ශ්වයෙන් පවසන අතර සැකකාර පාර්ශවය පවසන්නේ තුවාල ලැබූ කාන්තාවගේ පාර්ශවයෙන් තියුණු ආයුධයක් රැගෙන ආ බවයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් (09) දා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න