අම්බලන්තොට රිදියගම ජලාශයත් පතුලටම සිඳීයමින් පවතින බව හම්බන්තොට වාරි මාර්ග ඉංජිනේරු මාලා සමරක්කොඩි මහත්මිය සඳහන් කළාය.
ජලාශයේ අවම ජල මට්ටම වන ඩෙත් ලෙවල් එක යටතේ අක්කර අඩි 13000 ක පමණ දැනට තිබෙන බව ඉංජිනේරු වරිය පැවසුවාය.
වලවේ ගඟෙන් ජලය සැපයෙන රිදියගම ජලාශය යටතේ රිදියගම වම්ඉවුර කුඹුරු වගා කිරීම සිදු කෙරේ. මෙවර යල් කන්නය සඳහා අවශ්‍ය තරම් ජලය නිකුත් කර අවසන් වී ඇති හෙයින් වගාවේ අස්වනු නෙළීම ඉදිරි සතිය තුළ ආරම්භ කිරිමට නියමිතය.
අම්බලන්තොට -සනත් ගමගේ

