ධනුෂ්කගේ ඇප කොන්දේසි ලිහිල් කරයි
මාස අටකට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට ඔස්ට්‍රේලියා අධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවස්ථාව තිබේ.
කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ නඩුවක් පවතින අතර එම නඩුවට ඔහු අද දිනයේදී ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලා සිටිමින් පෙනී සිටියේය.
සුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලානය සඳහා එක්වීමට ඔස්ට්‍රේලියාවට ගිය ධනුෂ්ක එරට කාන්තාවක් ඇයගේ නිවස තුළදී අතවරයට ලක්කළ බවට චෝදනා ඉල්ල වී තිබේ. නඩුව අවසන් වන තෙක් ධනුෂ්කට ඔස්ට්‍රේලියාවෙන් පිටව යෑම තහනම් වෙයි.
popular news
-
Samson De Silva Thursday, 10 August 2023 06:17 AM
Menna den lebunu KREEDAA PRAWURTHIYAK.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

