කටුනායකට එන්න හා යන්න තිබූ ගුවන් යානා 115ක් අවලංගුයි
මැදපෙරදිග කළාපයේ මේ වනවිට උද්ගතව වී ඇති යුධමය වාතාවරණයත් සමග එම කළාපයේ රටවල් තම ආරක්ෂා පතා ගුවන් අවකාශයන් වසා දැමීම නිසා 03/02 දින රාත්රී 09.50 වන තෙක් කාළය තුළ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට සහ පිටත්වීමට නියමිත ගුවන් යානා 115 ක ගුවන් ගමන් වාර අවලංගු වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.
ඒ අනුව මැදපෙරදිග කළාපයේ රටවල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ශ්රී ලන්කන් ඇතුළු අනෙකුත් විදේශීය ගුවන් සේවා යානා වල ගමන් වාර 55 ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් එම කළාපය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 60 ක් ඒ අනුව අවලංගු වී තිබේ .
එසේම 02/28 දින දහවල් මැදපෙරදිග බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබූ ෆිට්ස් එයාර් සහ එයාර් ඇරේබියා ගුවන් යානා දෙක එදින පස්වරුවේ එම කළාපයට පිවිසීමට නොහැකිව , යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එමෙන්ම ශ්රී ලන්කන් ගුවන් සේවය සතු කිසිදු ගුවන් යානයක් මෙම පසුබිම යටතේ මැදපෙරදිග කළාපයේ රටවල , මෙරටට පැමිණීමට නොහැකිව රදවා තබා නොමැති බව , ශ්රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
ගමනාන්තය ලෙස මැදපෙරදිග කළාපයේ රටවල් කරා යන ගුවන් මගීන් සහ එම කළාපය ඔස්සේ වෙනත් රටවල් කරා යන ගුවන් මගීන් , ඒ සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර , ඔවුන්ගේ ගුවන් ගමන් නියෝජිතවරු වෙතින් ඒ පිළිබද විමසීම සිදු කළ යුතු බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
