ඇමෙරිකාවේ සිටි ලාංකිකයන් 6 ක් විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කර රැගෙන එයි
ඇමෙරිකාවේ රැදී සිටීමට වීසා තිබුණද ඔවුන්ට ග්රීන් කාඩ් ( Green Card ) නොමැති නිසා එරට රැදී ශ්රී ලාංකිකයන් 06 දෙනෙකු එරටින් පිටුවහල් කර 02/28 දින අලුයම ඇමෙරිකානු විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
ඔවුන් යාපනය, පමුණුගම, පේදුරුතුඩුව, ඩෙල්ෆ් යන ප්රදේශ වල පිරිමි පදිංචිකරුවෝ වෙති. ඔවුන් 02/28 දින අලුයම 12.00 ට ඇමෙරිකාවේ සිට ඕ.ඒ.ඊ.- 4013 දරන එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබු අතර , එම ගුවන් යානය තුළ මෙම ශ්රී ලාංකිකයන් 06 දෙනා සමග තවත් විවිධ රටවල , ඇමෙරිකාවෙන් පිටුවහල් කළ 162 දෙනෙකු සිට තිබේ .
මෙම ශ්රී ලාංකිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමෙන් පසුව , එම ගුවන් යානය නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත පිටත්ව ගොස් තිබේ .
නව ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්රතිපත්ති මත මෙසේ එරට රැදී සිටින විදේශිකයන් පිටුවහල් කිරීම සිදු කර ඇති අතර , මෙසේ පිටුවහල් කර සිටි එක් ශ්රී ලාංකිකයෙකුගේ බිරිද සහ මෑතකදී ඇය විසින් ප්රසූත කර ඇති කුඩා දරුවා තවදුරටත් ඇමෙරිකාවේ රැදී සිටින බව කටුනායක ගුවන් තොටුපොළේ දී ආරක්ෂක අංශ සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ .
මෙසේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගත් මෙම ශ්රී ලාංකිකයන් පිරිස , වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තුබූ අතර , එහිදී ඔවුන් මෙරට තුළ කිසිදු අපරාධ ඉතිහාසයකට ( Crime History ) සම්බන්ධ නොවූ අය බව අනාවරණය වීමෙන් අනතුරුව 02/28 දින දහවල් නිදහස් කර යවා තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
