ටෙහෙරානයට හා බේරූට් වෙත ඊශ්‍රා යෙලය පහරදෙය ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඉරාන අගනුවර වන ටෙහෙරානයට මෙන්ම ලෙබනන් අගනුවර වන බේරූට් වෙත ද ප්‍රහාර දියත් කළ බව තහවුරු කර තිබේ.
“IDF දැනට ටෙහෙරාන් සහ බේරූට් හි හමුදා ඉලක්ක වෙත එකවර ඉලක්කගත ප්‍රහාර එල්ල කරමින් සිටී,” නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
IDF විසින් බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවල සහ ගම්මාන රාශියක ජනතාවට "හදිසි අනතුරු ඇඟවීමක්" නිකුත් කිරීමෙන් පැයකට පමණ පසු මෙම ප්‍රහාර එල්ල විය. හිස්බුල්ලා සංවිධානයට අයත් අණදෙන මධ්‍යස්ථාන සහ ගබඩා පහසුකම් ඉලක්ක කරන බව IDF පවසා තිබුණි.