saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 3707 hours ago

LATEST

පැහැරගත් මෝටර් රථය පැය 24කදී සොයා ගනියි

calendar_today 2023 මැයි 30 - 13:25 remove_red_eye - 977  

තලවතුගොඩ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලේ නවතා තිබූ බැංකු නිලධාරියෙකුට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සොරා ගත් සැකකරුවන් දෙදෙනා පැය විසි හතරක් තුළ දී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

ජලයේ ගිලිණු පුද්ගලයන් සෙවීම සහ ජලයේ ගිලීමෙන් ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන්ගේ මෘත ශරීර ගොඩගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කිමිදුම් සහය ලබාදීම නිරතුරුව සිදුකරනු ලබන අතර, පසුගිය 2022 වර්ෂයේ මැයි මස 22 සිට 2023 වර්ෂයේ මැයි මස 22 දක්වා ගතවූ වසරක කාලය තුල නාවික හමුදාව මඟින් විවිධ හේතූන් මත ජලයේ ගිලීමෙන් ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන්ගේ මෘත ශරීර 148 ක් සොයා ගැනීම සඳහා කිමිදුම් සහය ලබාදීමට කටයුතු කර ඇත.

Read More

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීම සඳහා කඩිනමින් ඒකාබද්ධ සැලැස්මක් සකස් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දෙන ලදී.

Read More

සමහරු නොයෙක් බොරු බේගල් ඇදබානවා. තමුන්නාන්සේලා ඒවාට රැවටෙන්න එපා. සමහරු කියනවා එයා ආයෙම දේශපාලනයට එන්නෙ නැහැ කියල. ඒ බොරු කතා විශ්වාස කරන්න එපා. මම සමහර වෙලාවට බොරුවට කියනවා දේශපාලනය් ගැන කලකිරිලයි මම ඉන්නෙ කියල.

Read More

ජෝබාර් - සිංගප්පූරු ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ 2023 මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික ප්‍රවීන මලල ක්‍රීඩකයින් 20 දෙනෙකු එහිදී පදක්කම් 51 ක් දිනා ගෙන 05/29 දින රාත්‍රී කටුනායක ගෙන තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Read More

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක්ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

Read More

අමු මිරිස් ඇතුළු බොහෝ එළවළු වර්ගවල මිල ඉහළ ගොස් තිබෙන අතර සමහර ප්‍රදේශවල මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 700 දක්වාත් අමුමිරිස් කිලෝවක මිල රුපියල් 500 දක්වාත් ඉහළ ගොස් තිබේ.

Read More

ආගමික සංහිදියාවට හෝ ජාතින් අතර සමගියට බාධාවන ආකාරයට ප්‍රකාශ සිදුකරන පුද්ගලයන් පිළිබඳව පැමිණිලි ලැබුණ හොත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිස් ස්ථානයක් විසින් අදාළ විමර්ශන කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Read More

පසුගිය වරශූර ගුජරාට් ටයිටන්ස් කඩුළු 5 කින් පරදා සිය 5 වැනි අයි.පී.එල්. කිරුළ හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය

Read More

ගුජරාට් ටයිටන්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර අයි.පී.එල්. අවසන්මහා තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර මේ හේතුවෙන් තරගය අතරමැද පැය තුනකට ආසන්න කාළයක් නතර කිරිමට සිදුවිය.

Read More

ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවෙකු ලෙස හා එල් ටි ටි ඊ සංවිධානයට සහය ලබාදුන් බවට චෝදනා එල්ල වි තිබු බොරැල්ලේ දී ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් දෙදෙනාට ප්‍රවාහන පහසුකම් ලබා දී ඇත්තේ යුද්ධ හමුදා මේජර්වරයකුට අයත් කැබ් රථයකින් බවට අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

මෙවර අයි.පී.එල්. තරගාවලියේ අවසන්මහා තරගය අන්තර්ජාලය හරහා නැරඹුම්වාර කෝටි 3 ඉක්මවා ගොස් තිබිණ

Read More

අයි.පී.එල්. තරග ඉතිහාසයේ අවසන්මහා තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනිමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්විය

Read More

විදේශගමන් බලපත්‍ර දෙකක් සමග මෙරටට පැමිණ සිටියදී මෙරට ආගමනවිගමනදෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් චීනජාතිකයාට එරෙහිවචීනයේ අධිකරණයක් විසින්ද ඔහුව අත්අඩංගුවටගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (29දා) දැනුම්දුන්නේය.

Read More

අමත්‍යාංශයෙන් ලද අනුමැතිය මත ළඟදීම සංවර්ධන ලොතරැයි ටිකක් පත් මිල දෙගුණයකින් පමණ වැඩි කිරීමට කටයුතු කරන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා පැවසීය.

Read More

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ මහ ලේකම් ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ගුණ සැමරුමට සමගාමීව විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

තමන් අධ්‍යාපනය ලැබූ එදිනෙදා වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී නුහුරු පරිසරයක විභාගයට මුහුණ දීම සිසුන්ගේ මානසික නිදහසට බාධාවක් බවත්, සෑමවිටම අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාරත්මේන්තුව තම පහසුව වෙනුවට ශිෂ්‍යයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

චෙන්නායි සුපර් කිංග්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර පැවැත්වෙන අයි.පී.එල්. අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය. මෙය චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි සහභාගි වන 250 වැනි අයි.පී.එල්. තරගාය වන අතර එම කඩඉමට ලගා වූ පළමු ක්‍රීඩකයාද වන්නේ ඔහුයි.

Read More

මීට වසර 21කට පමණ පෙර තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතු රාජා හස්තියා නැවතත් තායිලන්තය වෙත රැගෙන යාම වෙනුවෙන් වූ සියලු කටයුතු මේ වන විට සූදානම් කර අවසන් බව තායිලන්ත මාධ්‍ය වාර්තාා කරයි.

Read More

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මගින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන බවත් ඒ නිසා එය වැලැක්වීම සඳහා වහා පියවර ගත යුතු බවත් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය අවධාරණය කළාය. ඒ මහත්මිය මේ බව සඳහන් කළේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Read More

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද කැතීටරකරණ ඒකක දෙකෙන් එක් ඒකකයක් මැයි මස 06 වැනි දින සිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබෙන බවත් අනෙක් යන්ත්‍රයද නඩත්තු මට්ටමේ පවතින බැවින් එම යන්ත්‍රය ද ඉදිරි කාලයේ බිඳවැටීමේ සම්භාවිතාවක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි .

Read More

සම්බුද්ධසාසනය ගොඩනැගිම සමරෙක් කට වචනයට පමණක් සීමා කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.මහියංගනය පුද බිම පූජාභූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

එනිසා විවෘත වැඩබිම්වල සේවය කරන පිරිස ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමටත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමට කටයුතු කිරීමටත්, උධික උෂ්ණත්වයක් වාර්තා වන කලාපයේ ජීවත් වන වැඩිහිටි හෝ රෝගී පුද්ගලයින් මේ පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීමත්, දරුවන් වාහන තුළ ගමන් කරන විට හෝ යම් හේතුවක් නිසා වාහනය තුළ දරුවන් තනිකර දමා බැහැර යන්නේනම් එවැනි ක්‍රියාවලින් වැළකී සිටීමටත්, අධික වෙහෙස කාරී කටයුතුවල නිරතවීමෙන් හැකිතාක් මිදීමටත්, සුදු හෝ ලා පැහැති වර්ණයෙන් යුතු සැහ

Read More

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් වෙත පිළිගැන්වීය.

Read More

අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පැය දොළහක් තුළ ස්ථාන දෙකකදී සිදුවූ වෙඩි තැබීම් දෙකේ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් පමණ පරීක්ෂණ ආරම්භ කර ඇති බවට ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

Read More

පොසොන් ආලෝක පූජාව, මිහිඳු පෙරහැර, සති පිරිත් දේශනාව ඇතුළු ආගමික වැඩ සටහන් සඳහා ඇස්තමේන්තු ගත මුදල ලක්ෂ 225ක් වන බවත්, ඉතුරු මුදල් ලක්ෂ 150කට වැඩි මුදල කෙසේ හො සොයා ගෙන හැකි උපරිම අයුරින් මිහින්තලාව ආලෝකමත් කිරීමට සූදානම් බව උන්වහන්සේ පැවසූහ.

Read More

රජය විසින් මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර තිබෙන වවුචර්පත්වලින් මිල දී ගත යුතු යැයි කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නෑතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා අවධාරණය කර සිටී.

Read More

ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරත්න හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළේය.

Read More

උතුරු, උතුරු - මැද, වයඹ හා නැගෙනහිර පළාත්වල හා මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

“මේ මැතිවරණ සිතියමේ රනිල් අපි හිර කරනවා.හිර කරලා ජනතාවට ඡන්ද ලබා ගැනීම සඳහා තියෙන අයිතිය තහවුරු කරන බලවේගය බවට පත් වෙන්නේ ජාතික ජන බලවේගය” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.