මේ මාසයේ ගෙවීගිය දින 4ක කාලය තුළදී ඩෙංගු රෝගීන් 999ක් වාර්තා වී තිබෙන බවත්, රෝගීන් 16 ක් මිය ගොස් තිබෙන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මේ වසරේ ජනවාරි 01වැනිදා සිට ඊයේ (04දා) දිනය දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 77,487ක් වාර්තා වී තිබෙන අතර, ඩෙංගු රෝගය මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස බලප්‍රදේශ 54ක අධි අවදානම් මට්ටමින් පැතිර යන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් රෝගීන් 36,266ක් වාර්තා වී තිබෙන්නේ, බස්නාහිර පළාතෙන් වන අතර, ප්‍රතිශතයක් ලෙස සැලකූවිට එය 47.1%කි.
මධ්‍යම පළාත තුළින් රෝගීන් 9,718ක් වාර්තා වී තිබෙන අතර, සමස්ත රෝගීන්ගේ ප්‍රමාණය සැලකූ විට එය 12.5%ක ප්‍රමාණයක් වේ.
වයඹ පළාත තුළින් රෝගීන් 6,684ක් වාර්තා වී තිබෙන අතර, එය ප්‍රතිශතයක් ලෙස 8.6%කි. එසේම සබරගමුව පළාත තුළින් රෝගීන් 6,290ක් වාර්තා වී තිබෙන අතර, එය ප්‍රතිශතයක් ලෙස 82%කි.
සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,363ක් වාර්තා වී තිබේ.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,162ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,741 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 7,804ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 3,622ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 3,044ක් හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 3,246ක් වාර්තා වී තිබෙන අතර, පොදුවේ සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වී ඇත.