ඇල්පිටිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඉදිරිපත් කළ 2024 අයවැය අද (05) පරාජයට පත්විය. ඒ සඳහා පොදුජන පෙරමුණේ මන්ත්රීවරු 07දෙනකු ඇතුළු විපක්ෂයේ මන්ත්රිවරු 19 දෙනෙක් එක්ව වැඩි ඡන්ද 09කින් අයවැය පරාජයට පත්කළහ.
පරාජයවීමෙන් අනතුරුව සභාපතිවරයා විසින් යළි සභාව පවත්වාගෙන යාමට උත්සාහ කළත් මන්ත්රිවරු 22 දෙනෙකු ඊට විරෝධය පළකිරීම නිසා දින නියමයක් නැතිව සභාව කල්තැබීමට සභාපතිවරයා කටයුතු කරනු ලැබීය.
අයවැය පරාජයට පත්වීමෙන් පසු යළි සභාව පවත්වාගෙන යාමට සභාපතිවරයා උත්සාහ කළත් සභාව කල් තබන ලෙසත් ඊට මන්ත්රිවරුන්ගේ කැමැත්ත විමසා සිටින ලෙසත් කේ.ඒ.ඩී.සුමිත් මහතා (පො.ජ.පෙ.) යෝජනා කළ අතර නිශාන්ත පෙරේරා මහතා එය ස්ථිර කරනු ලැබීය.
ඒ අනුව කළ ජන්ද විමසීමේදී සභාව කල්තැබීමට පක්ෂව ජන්ද 22 කුත් ඊට විරුද්ධව ජන්ද 07 කුත් ලැබුණ අතර වැඩි ජන්ද 15 කින් එම යෝජනාව සභා සම්මතවීම නිසා ඉන්පසු සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් සභාව කල්තබනු ලැබීය.
අද පැවැති අය වැය ජන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා පළාත් පාලන කොමසාරිස්තුමා නියෝජනය කරමින් නිලධාරිනියක්ද සහභාගීවූවාය.