බණ්ඩාරගම කළුතර පාරේ කර්මාන්තශාලාවක ඉඳිකරමින් පවතින ගොඩනැගිල්ලක වහලයකින් වැටී 24 හැවිරිදි හිටපු කොමාන්ඩෝ සෙබළෙකු මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
අනතුරින් මිය මියගොස් ඇත්තේ තිහගොඩ කලෝල්පිටිය බෙන්ටිස්හේන පදිංචිව සිටි නිශාන්ත ලක්මාල් නමැති එක් දරු පියෙකි.
කර්මාන්තශාලාවේ තෙමහල් ගොඩනැගිල්ලේ වහලය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් පදනම මත ලබා ගත් පුද්ගලයකු යටතේ මියගිය අය සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (3) සවස සේවය කර සවස 5: 45 ට පමණ වැඩ නිමවා එයින් බිමට බැසීමට සූදානම් වීමේ දී අඩි 20ක පමණ උසකින් තෙවන මහලේ ,අභ්‍යන්තර
කොන්ක්‍රීට් තට්ටුව මත වැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
ෙබරපතළ තුවාල ලබා බණ්ඩාරගම රෝහලට රැගෙන ගිය එම පුද්ගලයා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
සිදු වූ ස්ථානයට පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ. මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.