පසුගිය කාලයේදී තත්වයෙන් බාල ඖෂධ නිසා මියගිය, ඇස් අන්ධ වූ හා අසාත්මික වූ සිද්ධීන් පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදුකර සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලා අද(05දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
මෙරටට ආනයනය කරන ලද තත්වයෙන් බාල ඖෂධ නිසා රෝගී වීම, මියයාම, සදාකාලික හෝ තාවකාලික ඇස් අන්ධභාවයට පත්වීම හෝ අසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීමට බලපෑ ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කෙරෙහිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු විය යුතු බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ ය.
ප්‍රශ්න සහගත immunoglobulin ඖෂධය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත්, තත්වයෙන් බාල ඖෂධ නිසා රෝගීන් 50කට ආසන්න ප්‍රමාණයකට දෘෂ්ටි ආබාධ මතු වූ බවට වාර්තා වූ බවත් , ප්‍රශ්න සහගත ප්‍රතිජීවක ඖෂධ නිසා මරණ කිහිපයක් සිදු වූ බවත් හෙතෙම පැවසීය.
ඉන්දික හේවාවිතාරණ