අධික වර්ෂාවක් ලැබෙන මොහොතක ජල විදුලි උත්පාදනයේ ඉහළ යාමක් තුළ විදුලි බල මණ්ඩලය අධික ලාබයක් ලබා ගත් නිසා විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වු බවත් එම විරුද්ධතාව නොතකා විදුලි බිල වැඩි කළත් මේ වන විට ලක්ෂ 5කට අධික ජනතාවගේ විදුලිය විසන්ධි කර ඇති බවත් තවත් දශලක්ෂ ගණනාවකට විදුලි කප්පාදු කරනවා කියා රතු නිවේදන යවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසිය.
අභයාරාම විහාරස්ථානයේ පවා නිත්‍යානුකූල නොවන ආකාරයට විදුලිය කැපීමට පැමිණ ඇති බවත් ජල විදුලි උත්පාදනය වැඩි වී විදුලි බල මණ්ඩලය කෝටි ප්‍රකෝටි ගණන් ලාබ ලබන විට අනවශ්‍ය ලෙස විදුලි බිල වැඩි කර ලක්ෂ 50කට රතු නිවේදන යවා ඇති බවත් මෙය සාධාරණද කියා ප්‍රශ්න කර සිටින බවත් තමා අහපු ප්‍රශ්නයට අදටත් උත්තර නොදීම තුළ වරප්‍රසාද කඩවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (4) පාර්ලිමේන්තුවේදී පැවසීය.