කැලණිය විශ්වවිද්‍යාලය තාවකාලිකව වසාදැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් උපකුලපතිවරයා සියලුම සිසුන් වෙත දැනුම් දී ඇත්තේ හෙට (05දා) උදෑසන 8ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවය.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලයේ සෙසු පීඨ අද (04දා) පස්වරු 2 සිට නැවත දැනුම්දෙනතුරු වසා දමන බවයි.