saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 3670 hours ago

LATEST

ප්‍රේමයට පිටුපෑවයි පිපිරීමක් සිදුකරගෙන පුද්ගලයෙක් මරුට

calendar_today 2023 ජුනි 15 - 09:40 remove_red_eye - 528  

පිපිරීමේ උපකරණයක් යොදා ගනිමින් පිපිරීමක් සිදුකරගෙන මැණික්හින්න, ගල්කඩුව ප්‍ර දේශයේදී පුද්ගයෙක් දිවි හානිකරගෙන ඇතැයි පොලීසිය කියයි.

ඌරුබොක්ක පොලිස් වසමේ දොලමුල්ල ප්‍ර දේශයේදී අනධ්‍යන කාර්යාල සහායකවරියක් ඊයේ (14දා) දහවල් කාලයෙදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

Read More

බොරලැස්ගමුව පොලිස්වසමේ ඇඹිල්ලවත්ත ප්‍ර දේශයේ නිවසකට පසුගිය 12දා දිවා කාලයේදී ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු එහි සිටි මෙහෙකාරිය බිය ගන්වා රුපියල් 10,707,880ක් පමණ වටිනා දේශිය මුදල්, විදේශීය මුදල්, හා රන් භාණ්ඩ සහිත කුඩා ප්‍රමාණයේ සේප්පුවක් කොල්ල කෑමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Read More

මාධ්‍ය හමුව නිසා විගණකාධිපතිවරයා සහ කෝප් කමිටුව සම්බන්ධයෙන් වැරදි අදහසක් සමාජගතවූයේ නම් සමාව ඉල්ලා සිටින බව භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යංශය කෝප් කමිටුව හමුවේ පැවැසීය.

Read More

”‍ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙල රටාවට ඉවුම් පිහුම්”‍ ග‍්‍රන්ථයේ කර්තෘත්වය ප‍්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාට හිමි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

Read More

මාස තුනක බිළිදියක් දරුකමට හදා වඩා ගැනීීම සඳහා මුදලට ගැනීමේ චෝදනාවට වරද පිළිගත් දරුවන් නොමැති අඹුසැමි යුවළකට අත්හිටවු සිරදඩුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා රුපියල් 20000/-ක දඩයකටද ඔවුන් යටත් කළේය.

Read More

යාපනය කොටුවේ සිට ගාල්ල කොටුව දක්වා දින තුනක් වැනි කෙටි කාලයක් තුල නොනැවතී එක දිගට පාගමනින් ගොස් ලෝක වාර්තාවක් පිහිටු වීමට බගවන්තලාවේ නිවුන් සොහොයුරන් දෙදෙනෙක් ගම්න ආරම්භ කොට ඇත.

Read More

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයෙකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක පි ඩි. අබයරත්න මහතා පිරිසක් බිය ගැන්වීම සඳහා අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදි මේ දක්වා වෙන්දේසි කළ ක්‍රීඩකයන් අතරින් වැඩිම මුදල පන්දුයැවීමේ ක්‍රීඩක දිල්ෂාන් මධුශංකට හිමිවිය. ඔහු ඇමෙරිකානු ඩොලර් 92000කට මිලදී ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කටයුතු කළේය.

Read More

*විදේශීකයින් ලංකාවේ සේවය කිරීමේදී, එය විධිමත් කිරීම සදහාත් නියාමනය සදහාත් නීති සකස් කරනවා * කොන්දේසිවලට යටත්ව කාන්තාවන්ට රාත්‍රිෙය් සේවය යෙදීමට අවශ්‍ය ප්‍රතිපාදන නව කම්කරු නීතිය යටතේ ලබාදෙනවා

Read More

සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට ඔවුන් වෙනවෙන් පෙනී සිටි නීතීඥවරු කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඊයේ (14) මුලික විරෝධතාවයක් මතු කළේය.

Read More

පසුගිය සතියේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂෂ ශක්තිමත් වූ ශ්‍රී ලංකා රුපියල මේ සතියේදී තවදුරටත් කඩා වැටීමකට ලක්වෙමින් පවතී. ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල ඊයේ දිනයට සාපේක්ෂව තවදුරටත් කාඩ වැටුණි.

Read More

හපුතලේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. එම්. එස්. දිසානායක මහතා ඊයේ (13දා) රාත්‍රී හදිසියේ රෝගී වී රෝහල් ගත කිරීමෙන් පසුව අභාවප්‍රාප්ත වූ බව පොලීසිය කියයි. මීපේ පාදුක්ක පදිංචිව සිටි දිසානායක මහතා මිය යන විට තිස් නම වැනි වියේ පසුවිය. දිසානායක මහතා හදිසියේ රෝගී වී බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

අධිනීතිඥ නවීන් දිසානායක මහතා හෙට (15දා) සබරගමු පළාත් ආණ්ඩුකාර ධූරයේ වැඩ භාර ගන්නා බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය.

Read More

මාලු මිල ගණන් ඉහළ නොයාම පිනිස මාලු සුරක්ෂිතව කල් තබා ගනිමින් ඉදිරියේදී යම් පාලනයක් කිරීමට ධීවර සංස්ථාව පියවර ගනිමින් සිටින බවත් මේ වෙනුවෙන් මූල්‍ය ශක්තිය ඇතිකර තිබෙන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

Read More

මාකොළ, දකුණු මාකොළ ලිපිනයේ පදිංචිව සිටි තිස්අට හැවරිදි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් එම ව්‍යාපාරිකයාගේ පදිංචි ඉඩමේ ඔප්පුව හා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය පැහැරගත් භික්ෂුවක් ඊයේ ( 13) සැකපිට අත්අඩංගුවට ගත්බව දෙමගොඩ පොලිසිය පවසයි.

Read More

අන්තර් ආගමික සහජීවනය හා සංහිදියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වව්නියාව ප්‍ර දේශය ආශ්‍රිතව ආරම්භ කරන ලද හින්දු බෞද්ධ සංගමය විසින් සිදුකරමින් පවතින ආගමික සේවාවන්හි තවත් දිගහැරුමක් ලෙස කතරගම පුදබිම වන්දනනා කිරීම සඳහා පාද චාරිකාවෙන් ගමන් ආරම්භ කළ මඩකලපුව නැගෙනහිර විශ්වවිද්‍යාලේ හින්දු හා ‌බෞද්ධ සිසුන් බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය ‌වෙට්ටි වස්ත්‍ර ලබාදීමක් සිදුවිය.

Read More

ළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර සැතපුම් 2 දම්වැල් 17 යන ස්ථානයේ පිහිටා ඇති දුම්රිය හරස් මාරගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එම දුම්රිය හරස් මාර්ගය ලබන 17 දා පෙරවරු 5 සිට 18 දා පෙරවරු 5 දක්වා සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කුල දරුවන් සසුන්ගත කිරීමේ වයස් සීමා සම්බන්ධයෙන් හෙට(15දා) මහානායක හිමිවරුන් සමග සාකච්ඡාවක් පවත්වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයෙන් කොටසක් ගෙනයනජනාධිපතිවරයෙකුට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන වෙනස් කිරීම සඳහා කිසිදු අයිතියක් නොමැති බවත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ප්‍රකාශයක් සිදුකළ යුතු බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

Read More

මධ්‍යම පළාතේ ගුරුවරුන්තමන් උගන්වන පන්ති වල සිසු සිසුවියන්ටපාසල් වේලාවෙන් බැහැරව මුදල් අය කොට අමතර පන්ති පැවැත්වීම වළක්වාලමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කොට තිබේ.

Read More

තුර්කි ගුවන් සේවය තුර්කියේ ඉස්තාන්බුල් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට ඍජු ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙියැයි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව සැකසීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් කර නැතැයි ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණය වී ඇත.

Read More

අනිද්දා (15) සිට යුරියා පොහොර මිල රුපියල් 9000 දක්වා අඩු කළ යුතු බැවින් මිල කමිටුව රැස්වී වහාම තීරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දෙයි.

Read More

දෙස් විදෙස් සුපිරි ධනවතුන් නිරතුරුවම ආ ගිය බව කියන කොල්ලුපිටිය දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා සුරූපී තායි තරුණියන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

Read More

පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 19 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

Read More

වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පුහුණුවීම් සඳහා යොදා ගන්නා මළසිරුරු වල කොටස් එම පුහුණුවෙන් පසුව, මහරගම බැරෝඩා වත්තේ පිහිටි ජොරානිස් පීරිස් කනත්තට, ලොරියකින් ගෙනැවිත් අනාරක්ෂිත ලෙස , අත හැර දමා යාමෙන් ප්‍රදේශවාසීන් සෞඛ්‍ය ආරක්ෂිත ගැටළු රැසකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.

Read More

කිරුළපන ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක මල් පෝච්චියක දමාගොස් තිබු විදේශ රටක නිශ්පාදිත අත්බෝම්බයක් සොයාගත් බව කිරුළපන පොලිසිය කියයි.

Read More

නැති වූ බැංකු කාඩ් පතකට පියා සහ එකම සහෝදරයා සමග උරණ වී සහෝදරයා ගෙන් මෝල් ගස් පහර කෑ 23 හැවිරිදි තරුණයාගේ සිරුර සැකකටයුතු ලෙස නිවසේ කාමරයේ බාල්කයක එල්ලෙමින් තිබියදී පෙරේදා (12) රාත්‍රී සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.