තිස්සමහාරාම - කතරගම මාර්ගයේ පුංචි අකුරගොඩ ප්ර දේශයේදී බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ 22 හැවැරිදි කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තිස්ස - කතරගම පුද්ගලික බස් රථයක් මාර්ගයේ ද්විත්ව රේඛාව කපා ට්රැක්ටරයකට ඉස්සර කර ගමන් කිරීමේදි ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කතරගම පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ වැලිමඩ පදිංචිකරුවෙකි. අවුරුුු 39ක් වන බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත ශරිරය දෙබරවැව රෝහලේ තැන්පත් කර තිබේ.