හිමිනම ඝාතනයේ සැකකරුවන් පැමිණි මෝටර් රථයට ගිනි තබලා
මල්වතුහිරිපිටිය විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සදහා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනි තබා විනාශ කර තිබියදී අද (23 දා) සවස හමුවූ බව කඩුවෙල පොලිසිය කියයි.
හේනගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අපවත් වූ මල්වතු හිරිපිටිය විහාරස්ථානයෙන් දානය වළඳා යළි හේනේගම විහාරස්ථානය කරා වැඩම කරවීම සඳහා සූදානමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු ටී පනස්හයේ ගිනි අවියකින් වෙඩි තබා තිබිණි.
වෙඩි තබා තිබුණේ මත්ද්‍රව්‍ය තිබෙන බවට හිමිනම පරික්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා යැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෝටර් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර කිසියම් ප්‍රදේශයකින් සොරාගත් එකක් බවට සැක කළ හැකි යැයි පොලිස් නිලධාරියකු පැවසීය.
කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
