සමෘද්ධි වැඩසටහන යටතේ මෙතෙක් ප්රතිලාභ ලැබූ ආයතනගත පුද්ගලයින් 16,146ක් වෙත ජනවාරි මාසයේ සිට රුපියල් 2,000ක දීමනාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව පිරිවෙන් වල වැඩසිටින හිමිවරුන්, ළමානිවාස, වැඩිහිටි නිවාස, රැකබලා ගැනීමේ නිවාස වල සිටින විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා මෙම දීමනාව හිමිවනු ඇත.