මේ වසරට අදාළ විදුලි ගාස්තු සංශෝධනය කිරීම පෙබරවාරි මස මැද කාලයේදී සිදුකරන බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්රනාන්දු මහතා පැවසීය.
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්රියාමාර්ගයක් ඇති බවත්, මේ අනුව විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම අද (23දා) ආරම්භ කළ බවත් හෙතෙම සඳහන් කළේය.මහජන උපයෝගිතා කොමිසමේ පැවති වැඩසටහකට එක් වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.
විදුලිබල මණ්ඩලය විසින් ලබා දී තිබෙන යෝජනාවට මහජන අදහස් ලබා ගැනීම සඳහා දින 21 ක කාලයක් ගතවන අතර, විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව මේ මස 13 වැනි දින මහජන උපයෝගිතා කොමිසමට භාර දී ඇත.