ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ 25 දින අලුයම 2.00ට පමණ සිදු වු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.
කොටස් කටුනායක 11/1 R කිලෝමීටර කණුව අසලදී මෙම අනතතුර සිදුව තිබුණේ අමාත්‍ය වරයා ගමන් ගත් රථය කර්ටේනර් රථයක් ඉස්සර කිරීමට යාමේදී එම කන්ටේනර් රථය හා ගැටීමෙනි.
අනතුරින් රාජ්‍ය අමාත්‍ය වරයාගේ රථයට දැඩි හානි සිදුව තිබිණි. අමාත්‍යයවරයා සමග අනතුරින් මියගොස් තිබුණේ ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාය. අනතුරක් සමග අමාත්‍ය වරයා හා ආරක්ෂක නිලධාරියා රාගම ශික්ෂණ රෝහලට වහාම ඇතුලත් කිරීමට පියවර ගෙන තිබුණද ඔවුන් එහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදු වීමෙන් අනතුරුව වැලිසර මහෙස්ත්‍රාත් ධම්මික උඩුවේවිදාණ මහතා රාගම රෝහලට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරනු ලැබීය.
මෙහිදී අමාත්‍යවරයාගේ සොහොයුරු කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා මහතා අමාත්‍යවරයාගේ දේහය හදුනාගනිමින් සාක්ෂි ලබා දෙනු ලදී. ජගත් සමන්ත මහතා අප කල විමසීමේදී මෙලෙස ප්‍රකාශ කලහ. " මිය ගොස් සිටින්නේ මගේ බාල සොයුරා. ඔහුට දියණියන් තිදෙනෙක් හා පුතෙක් ඉන්නවා.
වැඩි මහල් දියණියගේ වයස අවුරුදු 12යි. ඉකුත් 24 දින අමාත්‍යංශයේ නිලධාරියෙකුගේ දරුවකුගේ කුරුණෑගල තිබ්බ විවහා මංගල්ල උත්සවයකට සහභාගි වෙලා රාත්‍රී 12 ට පමණ ආරච්චි කට්ටුවේ පැවති තවත් හිතවතුගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වෙලා එහි විනාඩි දහයක් පහලොවක් වගේ රැදී ඉදලා කෙළඹ නිල නිවසට එන්න පිටත් වුණා.
සොයුරා මත් පැන් පානය කරන්නේ නෑ. කොලඹ තමයි සොයුරාගේ පවුලේ අය ඉන්නේ. ඔය එක අතරතුර තමයි අනතුර සිදු වෙලා තිබුණේ. දේහය රාගම රෝහලෙන් රැගෙන ගිහින් මහජන ගෞරවය සදහා 26 දින දහවල් 12 දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඊට පස්සේ තමයි ආරච්චිකට්ටුව ගෙදරට අරගෙන යන්න බලාපොරෝත්තු වෙන්නේ. රිය අනතුර සම්බන්ධයෙන් පොලිස් විමර්ෂණ කටයුතු කදාණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ සිථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කරණු ලබයි.
ප්‍රසංග පෙරේරා