2023 මාස 9ට වැට් ආදායම රු.බි. 505කින් ඉහළට
එකතු කරන ලද අගය මත පනවනු ලැබූ බදු අනුපාතය වැට් වැඩි කිරීම නිසා 2023 වර්ෂයේ පළමු මාස 09 තුළ දී එම බද්දෙන් ලැබූ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 505 දක්වා 62.6% කින් ඉහළ ගොස් ඇති බැව් මුදල් අමාත්‍යාංශය විසින් විගණනයට නිකුත් කොට ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන්වේ.
මෙය 2023 වර්ෂය සඳහා ඇස්තමේන්තු කළ එකතු කළ අගය මත බදු ආදායමෙන් 55%ක් බව ද මෙම වාර්තාවේ සඳහන් වේ. 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ දී දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වලින් ලද එකතු කළ අගය මත බදු ආදායම රුපියල් බිලියන 351.6 දක්වා 81.4% කින් වැඩි වී ඇත.
ආනයනය මගින් ලද එකතු කළ අගය මත බදු ආදායම මෙම කාල සීමාව තුළ රුපියල් බිලියන 153.04 දක්වා 31.5% කින් වැඩි වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.2022 වර්ෂයේ ජූලි මස 01 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි එකතු කළ අගය මත බදු අනුපාතය 8% සිට 12% දක්වා වැඩි කරනු ලැබීය. නැවත වතාවක් 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි 15% කින් වැඩි කරනු ලැබීය.
2024 වර්ෂයේ ජනවාරි 01 වැනි දා සිට වැට් බදු අනුපාතය 18% ක් දක්වා වැඩි කොට ඇත. වැට් බද්ද 18% ක් කරන්නට පෙරත් 2023 වර්ෂයේ වැට් බදු ආදායම 50% කින් වැඩි වී ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

