‘මුහුදු කොල්ලකෑම’ සම්බන්ධයෙන් අධිකරණ ඉතිහාසයේ පවරා ඇති ප්‍රථම නඩුවේ විත්තිකරුවන් 07 දෙනෙකුට මරණ දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විිනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකාරිය සියළු චෝදනා වලින් අද (24) නිදොස් කොට නිදහස් කළේය.
වසර 11කට පෙර ගාල්ල ප්‍රදේශයේ ගැඹුරු මුහුදේදී ධීවරයින් තිදෙනෙකු මරා තවත් ධීවරයින් දෙදෙනෙකු කපා කොටා මහමුහුදට දමා බහුදින ධීවර යාත්‍රාව කොල්ලකෑමේ චෝදකාවන්ට වරදතරුවන් වු ධීවරයින්ට මෙලෙස මරණ දඬුවම් නියම කළ විනිරුවරයා විත්තිකරුවන් වරදකරුවන් වු සෙසු චෝදනා 06ට බරපතළ වැඩ සහිත වසර 29ක සිරදඬුවම්ද රුපියල් මිලියන 2ක බැගින් වූ දඩද ගෙවීමට ද නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ නුවන් ලක්මාල්, දිනුෂ්ක ප්‍රියශාන්ත, සම්පත් කුමාර , පී. එච්. දයානන්ද, කේ. නිහාල් නිශාන්ත, කේ. අජිත් කුමාර , කේ. රංජිත් නිශාන්ත නමැත්තන්ටය.
මෙම නඩුවෙන් මුලින් චෝදන ලබ සිටි අනුෂ උත්පල අමරවීර සහ සිසර කුමාර නමැත්තන් මියයෑම නිසා ඔවුන් නොමැතිව නඩුව විභාග කළ අතර නඩුවේ 10 වැනි විත්තිකාරිය ලෙස නම්කර සිටි ටෙල්සි කල්්යාණී නමැත්තියට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා සියළු චෝදනා වලින් ඇය නිදොස් කර නිදහස් කළාය.
2012 ඔක්තෝම්බර් 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක තංගල්ලට නුදුරු දේශිය ජල තීරයේදී ‘තේජාන්’ නමැති බහුදින ධීවර යාත්‍රාව බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සඳහා කුමන්ත්‍රණය කරන ලදැයිද ඒ අනුව මුහුදු කොල්ලකෑමක් කරන ලදැයිද එහිදී ‘තේජාන්’ යාත්‍රාවවේ සිටි ධීවරයින් තිදෙනෙකු මරා මුහුදට දමා තවත් ධීවරයින් දෙදෙනෙකු මහමුහුදට දමා මරා දැමීීමට තැත් කරන ලදැයි විිත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විිසින් චෝදනා නඟා තිබිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා පසුගිය 18 වැනිදා කැඳවුවත් නඩුවේ සිව්වැනි විත්තිකරු වන සම්පත් කුමාර හෙවත් චුටි නමැත්තා එ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම නිසා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අදට කල් තැබිණී.
තීන්දුවව ප්‍රකාශයට පත් කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
මෙම නඩුවේ විත්තිකරුවකු වන නඩුවේ 10 වැනි විත්තිකාරියගේ සැමියාගේ බල කිරීම මත ඇය ‘තේජාන් ’ යාත්‍රාවට ගොස් ඇති බව නඩු විභාගයේදී හෙළී වී ඇතැයි ස`ඳහන් කළ විනිසුරුවරයා ඇයට එරෙහි චෝදනා පැමිණීල්ල විසිනන් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් සියළු චෝදනා වලින් ඇය නිදොස් කර නනිදහස් කළේය.
ඉන් අනතුරු සෙසු විත්තිකරුවන්ට තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුවන් අපරාධය සිදුවු දින රාත්‍රීයේ ‘තේජාන්’ යාත්‍රාවට ගොඩ වී යාත්‍රාවේ සිටි ධීවරයින් තියුණු ආයුධ වලින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට සාක්කි ඉදිරිපත් වු බව සඳහන් කළ විනිසුරුවරයා එලෙස සාක්කි දී ඇත්තේ විත්තිකරුවන්ගේ තියුණු ආයුධ ප්‍රහාර වලට ලක් වීමෙන් අනතුරුව ජීවීත ආශාව නිසා මහමුහුදට පැන ජීවීත බේරාගත් ධීවරයින් දෙදෙනෙකු බවද සඳහන් කළේය.
එම ධීවරයින් දෙදෙනාගේ සාක්කි අනුව යාත්‍රාවට ගොඩ වු විත්තිකරුවන් යාත්‍රාවේ සිටි ධීවරයින් තියුණු ආයුධ වලින් කපා කොටන අවස්ථාවේදී තමන් මරා නොදමන ලෙස ඉල්ලමින් ඔවුන් බැගෑපත් වී ඇතැයිද ඒත් කිසිඳු අනුකම්පාවකින් තෙරව විත්තිකරුවන් එම ධීවරයින් කලා කොටා මරා දමා ඇතැයිද සඳහන් කළේය.
ප්‍රහාරයක් එල්ල කර බහුදින යාත්‍රාව පහැරගත් විත්තිකරුවෝ එම යාත්‍රාවෙන් ඕස්ටේ්රලියාවට ගොස් ඇතැයිද ඒ අවස්ථාවේදී ඕස්ටේ්රලියානනු බලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන ලංකාවට පිටුවහල් කර එවා ඇතැයිද හෙළි වී ඇතැයි තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුවන්ටට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයිද තීන්දු කළේය.
පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකකරණය අමතමින් මෙය මහත් කෲර සිද්ධියකක් වන හෙයින් සමාජයයේ සෙසු අයටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ලෙස පශ්චත්තාප වන තම සේවාදායකයිනට ලිහිල් දඬුවමම් නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
විත්තිකරුවන් වරදකරුවන් කර ඇති චෝදනාවන්ට මරණ දඬුවම නියම කළ යුතු බැවින් මරණ දඬුවම නියම නොකිරීමට පෙර යම් හේතූවක් ඇත්නම් ඉදිරිපත් කරන ලෙස විත්තිකරුවන්ට දැනුම් දුන්නේය.
ඒ අවස්ථාවේදදී අධිකරණ ඇමතූ විත්තිකරුවෝ මෙම අපරාධයට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නොමැති හෙයින් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටියහ.
ඉන් අනතුරුව අධිකරණයේ දැල්වෙමින් තිබු විදුලි බුබුළු නිවා අධිකරණයේ ක්රියාත්මක්වෙමින් තිබු වදුලි පංකා අක්‍රිය කළ විත්තිකරුවන්ට මරණ දඬුවම ප්‍රකාශයට පත් කෙරිණී.
විත්තිකරුවන්ට නියම කළ මරණ දඬුවම ක්‍රියාත්මක කරන තුරු ඔවුන් බන්ධනාගාරයෙ රඳවා තැබීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
පැමිණීල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් කණ්ඩායමක් සමඟ නීතීඥ අසිත විපුලනායක, ඉනෝකා ගමගේ සහ අශෝක වීරසුරය යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.