තමා මාල කැඩුවා යැයි පොලිස් පොතක පැමිණිල්ලක් පෙන්නුවොත් හෙට පාර්මේන්තුවෙන් ඉවත් වී ගෙදර යන බව පොදු ජනපෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමා මාල කඩනවා දැක්ක එක්කෙනෙක් හෝ ඉන්නවා නම් ඉදිරිපත් වන්නැයි අභියෝග කරන බවද අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඕනෑම පුද්ගලයෙකු පොඩි කාලේ ගෙදරට කියන නමක් තිබෙන බවත් තමාට ගෙදර අය ආදරේට කිව්වේ රත්තරන් යැයි ද ඔහු පැවැසීය.
මාල කැඩීම නිසා රත්තරන් යැයි තමා හඳුන්වන බවට දේශපාලනයට පැමිණීමෙන් පසු සමාජ මාධ්‍ය විසින් සමාජගත කර ඇතැයිද රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.