මෙරටින් හඳුනා නොගත් විශේෂිත වූ මත් පෙති දහ හතරක් සමග කාන්තාවක අත් අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දියගම සත්සර පෙදෙස ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.
කහතුඩුව පොලිස් බල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් පිළිබඳව විශේෂ කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ පරීක්ෂාවකදී දියගම සත්සර පෙදෙස ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මත්පැති අලෙවි කරන බවට පොලිස් සැරයන් (50228) සමන්ත නිලධාරියාට තොරතුරක් ලැබී තිබුණි.
ඒ පිළිබඳව කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතා දැනුවත් කොට එතුමාගේ උපදෙස් මත නිලධාරී කණ්ඩායමක් එම ප්‍රදේශයේ සෝදිසි වැටලීමක් සිදුකෙරිණ.
එහිදී සැකකාර කාන්තාව පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී මත් පෙති බවට සැක කෙරෙන පෙති දාහතරක් සොයාගත් අතර ඒවා මීට පෙර හඳුනා නොගත් මත්පැති වර්ගයක් බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව එම මත්පෙති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට යවා එහි අනන්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.
මෙම මත් පෙත්තක් රුපියල් 200 මුදලකට කලක සිට අලෙවි කරන අතර දිනකට මත්පෙති 50 පමණ අලෙවිකරණ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කොට දින හතක රඳවා ගැනීමේ නියෝග ලබාගෙන විමර්ශන සිදුකිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉසුරු මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකය.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න