saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3654 hours ago

LATEST

සාපෙළින් පසු සිසුන් පාසලට කළ හානිය දෙමාපියන් පියවයි

calendar_today 2023 ජුනි 11 - 08:25 remove_red_eye - 963  

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූදා දිඹුලාගල මගුල්දමන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ දේපළවලට සිදුකළ අලාභහානිය ඔවුන්ගේ මවුපියන් විසින් පියවීමට විදුහල්පතිවරයා ඉදිරියේ පොරොන්දු කරවා,ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.

’’රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?’’ යන තේමාව යටතේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා තිබේ. එහි පළමුවැන්න අද (11දා) සවස 5:00ට පානදුර, තල්පිටිය ’’වයිට් හෙවන්’’ හෝටලයේ දී පැවැත්වේ.

Read More

හබරාදුව පොලිස් වසමේ තල්පේ මුහුදු තීරයේ දිය නාමින් සිටි සිසුන් පිරිසක අතරින් සිසුන් 6ක් මුහුදු රළට හසුවී ගසාගෙන ‌ගොස් ඇති අතර ඉන් සිසුන් 5ක් ප්‍ර දේශවාසින් විසින් බේරා ගෙන ඇති අතර එක් සිසුවෙක් අතුරුදන්ව තිබේ.

Read More

රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ දී සිය පෙම්වතියගේ සහෝදරිය කුරිරු ලෙස ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවි මරණ දඬුවම නියම වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ජනාධිපති සමාව දී ඇත්තේ පිළිගත් නීතිමය ක්‍රියා පටිපාටියෙන් බැහැරව බව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී එළි විය.

Read More

භාණ්ඩ 286ක ආනයන සීමා ඉවත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (09දා) දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

කොස්ගොඩ අද (10) උදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි හයක පමණ මත් කුඩු තොගයක් ළග තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය සමත්වී තිබේ.

Read More

වව්නියාවේ සේවය කරන ලද ප්‍රසව හා නාරි පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම්.එස්. මොහිදීන් මහතාගේ ඝාතනය සමබන්ධයෙන් හිටපු ප්ලොට් නායකයෙකු වූ නෙඩුමාරන් නැමත්තාට වව්නියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා විසින් මරණ දණ්ඩණය නියම කරන ලදි.

Read More

කාබනික පොහොර වංචාව සහ නැනෝ දියර පොහොර වංචාව හේතුවෙන් රටට අහිමි වූ මුදල් සම්බන්ධයෙන් රජය ගන්නා පියවර සහ ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව රජය ගෙන ඇති පියවර කවරේද ? කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

Read More

ජපානයේ ඔසාකා නුවර කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.06.08 දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් හෙරොයින් සමග නාරාහේන්පිටදී මේ මස ජනවාරි 01 දා අත්අඩංගුවට පත් සැකකරුවෙක් මිය යාමට අදාළව එම කාර්යාංශයේ නිලධාරීන 7ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාසල් නිවාඩුව අවසන් වී නැවත පාසල් ආරම්භවන්නේ ලබන 12 දා බැවින් පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍ර වේශපත්‍ර ලබා ගත හැකි කාලය ලබන 16දා තෙක් දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ පිළිබඳව සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Read More

විදුලංකා සමූහයට අයත් හොරණ සූර්ය බල සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද මෙගාවොට් 2 ක සූර්ව බල ව්‍යාපෘතියක් අද පෙරවරුවේ හොරණදී ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසෛ්කර මහතා පවසයි.

Read More

2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

• රථගාල් ගාස්තු අයකිරීමට කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික ආයතන 38 කින් 2021 දෙසැම්බර් 31 වන විට ලැබිය යුතු හිග ගාස්තුව රු. මිලියන 265.50 ක් • කොළඹ නගරයේ ගිනි නිවන ඒකකය සහ ගුවන් හමුදාව සමග ඇති සම්බන්ධීකරණය වැඩි කිරීමට අවධානය • විධිමත් පරිදි දැන්වීම් ආදායම ලබානොගැනීම පිළිබඳ අවධානය • ඉඩම් ලේඛන විධිමත්ව පවත්වාගෙන නොයාමේ ගැටලු පිළිබඳ අවධානය • බස්නාහිර මහා නගරසභා කාර්යාලයේ දුර්වල අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය

Read More

රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දුප්පත්කමට පත්ව ඇති බවත් 2019 පසු ලක්ෂ 40කට ආසන්න පිරිසක් එනම් ජනගහනයෙන් සියයට 17ක් දුප්පත්කමට පත්ව ඇති බවත් එය පළාත් 9ම දක්නට ලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (9) අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

වියළි මිරිස් කිලෝවක් රුපියල් 60 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1,290 කි. මුංඇට කිලෝවක් රුපියල් 325 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1,225 කි. රතු පරිප්පු කිලෝවක් රුපියල් 15 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 299 කි. රතු නාඩු කිලෝවක් රුපියල් 15 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 200 කි. හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 10 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1,140 කි. පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 2

Read More

කිරින්ද විහාරය ආසන්නයේ මුහුදු තීරයේදී තරුණියන් තිදෙනෙකු හා තරුණයෙකු මුහුදු රළ හසුවී ගසාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි. මෙහිදී ඔවුන් සමග පැමිණි අයෙකු විසින් තරුණියක් හා තරුණයෙක් බේරාගෙන තිබේ.

Read More

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා (07) පැවැත්වුණි.

Read More

සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් දසදෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී. 60 වන ශ්‍රමික කණ්ඩායම ලෙස එම පිරිස 2023.06.13 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

Read More

දැනටකෘෂිකර්මාන්තය තුළ වී වගාවේ නිරතව සිටින ගොවි ජනතාවගෙන් සියයට 80ක් අවුරුදු 50 ඉක්ම වු වැඩිහිටියෝ වෙති. වී වගාව තුළ තරුණ ප්‍රජාවේ නියෝජනය සියයට 20ක් පමණ සුළු ප්‍රමාණයකි.

Read More

සැකකටයුතු ලෙස මිය ගිය කුඩා දරුවෙකුගේ මෘත දේහයක් මුල්ලේරියාව පොලිස් වසමේ හල්බරාව ප්‍ර දේශයේදී සොයා ගත් බව පොලීසි කියයි.

Read More

වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනකු සීමාවාසික පුහුණුව සඳහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

Read More

ඒ අතර සිටි එක් චීන ජාතික ආරක්ෂක නිලධාරීවරියක් , මෙම චීන ජාතිකයා අසළට පැමිණ චීන බසින් ’’ සුභ සන්ධ්‍යාවක් ’’ යැයි පවසනවාත් සමග මොහු එතෙක් ඔහු අසුන් ගෙන සිටි රෝද පුටුවෙන් නැගී සිටින්නට උත්සාහ කරමින් කළබළ කරන්නට වූයේ තමන් චීනය රැගෙන යන බව වැටහීමත් සමගය .

Read More

මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් අ.පො.ස සාමාන්‍ය පෙළින් අනතුරුව ආරම්භ වන පාසල් වාරයට පෙර මෙම සති අන්තයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සියලු පළාත් ආවරණය කරමින් පාසල් ප්‍රජාවගේ ද සහයෝගයෙන් දිවයිනපුරා සිදු කිරීමට අපේක්ෂා කරන බවත් එහි මූලික වැඩසටහන කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් කොළඹ කලාපයේ සියලු පාසල්වලින් ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරන ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි ලිංගික බලහත්කාරකම් කිරීමේ නඩුව එළඹෙන ජූලි මස 07වැනිදා විභාගයට ගැනීමට (Trials) සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවිය ඊයේ (08දා) තීන්දු කළේය.

Read More

බණ්ඩාරගම උඩුගොඩ ප්‍රදේශයේ පිරිවෙනක අධ්‍යාපනය ලබමින් සිටී 16හැවිරිදි හිමිනමක් බලහත් කාරයෙන් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ එහි වාසය කරන 30 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

Read More

පොලිස් කොස්තාපල්වරියක් විවාහ කරගන්නා බවට කර ගන්නා පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.