ටිකිරි මැණිකේ වෙන පාරකින් යන්න යයි
නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු ටිකිරි මැණිකේ මගි ප්රවාහන දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි සිංගිමලේ දුම්රිය උමං මාර්ගය අසල 109 ¼ සැතපුම් කණුව අසලදි පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
(21) දින උදැසන 7.15 ට පමණ එම දුම්රියේ මැදිරි තුනක් පිලි පැනිම හේතුවෙන් එම දුම්රියේ පිලි පැනිමට ලක් වු මැදිරියක් දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් ගොඩනැගිල්ලක් ගැටිමෙන් එම ගොඩනැගිල්ලට සහ දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇත.
පිලි පැනිමට ලක් වු ටිකිරි මැණිකේ දුම්රියේ මැදිරි පිලිගත කරන තෙක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන සියළුම දුම්රියන් කොටගල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර එතැන් සිට එම දුම්රියන් වලින් ගමන් ගන්නා මගින් ලංගම බස් රථ මගින් දුම්රියන් දෙක අතර මාරු කිරිමට පියවර ගන්නා බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

