ලෝක බැංකුව විිසින් ශ්‍රී ලංකාවට ලබාදීමට අනුමත කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක ණය අධාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් නිදහස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
වැඩි වශයෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස බඳවාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී.සේනානායක මහතා, ජපානයේ IRO ආයතනයේ සභාපති Norikai Suga මහතාගෙන් ඉල්ලා සිටියේය.
Read Moreශ්‍රී ලංකාවේ සිට නැවතත් තායිලන්තයට ගෙන්වා ගත් මුතු රාජ හෙවත් තායිලන්තය තුළ සක් සූරීන් ලෙස හඳුන්වන ඇතාගේ ප්‍රතිකාර සඳහා මුදල් එකතුකරන බවට සඳහන්ව සමාජ මාධ්‍ය ජාලාවල සිදුවන වංචාවලට හසුවීමෙන් වළකින ලෙස තායිලන්ත ලැම්පෑන්ග් පළාතේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානය එරට මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreපාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වූ ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය සඳහා පැවති ඡන්දය විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සහභාගී වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
Read Moreලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බැංකු වලට තිබුණා රුපියල් බිලියන 200ට වැඩි ණය ප්‍රමාණයක්. නමුත් මේ අවුරුද්දේ අප්‍රේල් මාසයට වන විට බැංකු දෙකට ගෙවිය යුතු සියලුම ණය මුදල් ගෙවලා අවසන් කරලා තියෙනවා.
Read Moreශ්‍රී ලංකාවෙන් යළිත් තායිලන්තයට ගෙන්වා ගත් මුතු රාජා හෙවත් සක් සුරීන් ඇතා තම භාරයට ගැනීම තායිලන්ත රජු එකඟ වී ඇති බව එරට පරිසර අමාත්‍ය වරාවුත්ය සිල්වා ආර්චා මහතා පැවැසීය.
Read Moreඋඩවලව ජලාශයේ පෝෂක ප්‍රදේශයට බලාපොරොත්තු වු වැසි නොලැබීමෙන් වලව මහවැලි කලාපයේ වගාබිම් හෙක්ටයාර් 25300ක් සහ පුද්ගලයින් 278000ක් පානීය ජල ගැටලුවකට ලක්වීමේ දරුණු අනතුරක් ඇති බව මහවැලි අධිකාරියේ වලව කලාපයේ නේවාසික කළමනාකාර එල්.එම්.එන්.ප්‍රියන්ත 04දා උඩවලවේ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.
Read Moreගැස් මිල අඩු කලද බිත්තර සහ ආහාර පිසිමට යොදා ගන්නා අනෙකුත් ආහාර ද්‍රව්‍ය මිල අඩු මිලට නොලැබෙන නිසා තමන්ට ආහාර පාන අඩු මිලට පාරිභෝගිකයන්ට ලබාදිය නොහැකි බව හැටන් නගරයේ ආපනශාලා හිමියන් කියයි.
Read Moreරුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04 ක් තම සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක් 07/04 දින උදෑසන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම ආරක්ෂක අංශයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.
Read Moreඅයි.සී.සී. කාන්තා එක්දින කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ ස්ථානයට පත් ශ්‍රී ලංකාවේ පළමු හා එකම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු වාර්තා අතරට එක්වූවාය.
Read Moreප්‍රංශ රජයේ සහන ණය යෝජනා ක්‍රමය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය විසින් කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්තශාලා 06ක් ස්ථාපිත කිරීමට නියමිතය. ඉන් පළමුවැන්න අද (04) දින වාරියපොළ මින්හෙට්ටිය ප්‍රදේශයේ දී විවෘත කෙරිණි.
Read Moreමෙරටට පැමිණෙන ඇතැම් විදේශීය සංචාරකයන් ඉතාමත් සුක්ෂම ලෙස මහාපරිමාණ ජාන මංකොල්ලකෑම්වල නිරතවන අවස්ථාවන් කළින් කළට වාර්තාවේ. තවත් එවැනි විශාල ජාන මංකොල්ලයක නිරත වු ඉරාන ජාතික විදේශිකයන් තිදෙනෙකු හා ලාංකිකයෙකු සිංහරාජ වනාන්තරයේදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් ඉකුත් සතියේ වාර්තාවිය.
Read Moreඅන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන පිරමීඩ ජාවාරමකට හසු වූ වලස්මුල්ල ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු පාසල් ක්‍රීඩා කාමරය තුළ ගෙල වැළලාගෙන ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි.
Read Moreමේ පිළිබඳව බද්දේගම ප්‍රාදේශීය සභාවේ ලේකම්ගෙන් කළ විමසීමේදී ඇය පැවසුවේ මෙහි ඉදිකිරීම් ආරම්භ කළේ පසුගිය පාලන සමයේදී බවත්, තමා අභිනවයෙන් මෙම තනතුරේ වැඩ බාරගන්නා අවස්ථාව වනවිට ඒ සඳහා රුපියල් 3 280 000 මුදලක් වැයකර ඇති බවත්ය.
Read Moreලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 2,982කි.
Read Moreහඟුරන්කෙත පොලිස් ස්ථානය අසළ කලහකාරී ලෙස හැසිරුණ සැකකාරියක් හා සැකකුරුවන් තිදෙනෙක් හඟුරන්කෙත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනුගේගොඩ දෙල්කඳ හංදියේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරිකින් රු. 180000 වටිනා කිරි බෝතල් තොගයක් සොරා ගත් සැකකරුවන් සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
Read Moreමහනුවර ජාතික රෝහලේ ගැබිණි වාට්ටු අසල ඇති අපජලය බැහැර කරන කාණුවක තිබී මාස අටක් පමණ වයස ඇති මිනිස් කලලයක් සොයා ගෙත් බව පොලීසිය කියයි .
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරියේදී රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
Read Moreචීන ජාතික ගුවන් සේවය වන ’’ එයා චයිනා ’’ (Air China ) ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ගුවන් යානය ඊයේ (03දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreරෝගයකින් පීඩා විඳි පුද්ගලයකු තම නිවසට රැගෙනවිත් ප්‍රතිකාර කර සුව කල විශ්‍රාමික මහාචාර්යවරයෙකුගේ නිවසේ තිබූ, මුදල් රුපියල් ලක්ෂ 15 ක් සහ ලක්ෂ 5ක් වටිනා රත්‍රන් භාණ්ඩ සොරකම් කර, එම පුද්ගලයා ( රෝගියා) නිවසින් පලා ගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreකොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් කිරීමට සූදානම් බව චයිනා හාබර් ඉන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා සඳහන් කළ බව පැවසූ අමාත්‍යවරයා චීනයේ සයිනොපැක් සමාගම මෙරට ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ ඇති සූදානම ද දන්වා සිටි බව පැවසීය.
Read Moreබොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreපල්ලේකැලේ යුධ හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ යුද හමුදා සෙබලෙකු ඔහු පදිංචි අම්පිටිය ප්‍රදේශයේ නිවස අසල වන ලැහැබකට ගොස් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන සිටියදී දින හතරකට පසු ඔහුගේ මෘත ශරීරය හමු වූ බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.
Read Moreවත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති වරයෙකු ගේ සහෝදරයකු විසින් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට වායු පිස්තෝලයක් එල්ල කර තර්ජනය කර කොස්තාපල්වරයෙකුට පොල්ලකින් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය කියයි.
Read Moreපානදුර හෝටලයක පසුගියදා (01) රාත්‍රි ආහාර පාන ලබාගෙන එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ලද පැමිණිල්ලක් මත චෝදනා එල්ලවී සිටී ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් 25,000 ක මුදලක් ලබාදී සිද්ධිය සමතයකට පත්කර ගැනිමට අද (03) එකගවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .
Read Moreසමෘද්ධි වැඩ සටහනකට සහභාගී වී නිවසට පැමිණි 22 හැවැරදි විවාහක කාන්තාවකගේ එම නිවසට පැන ඇයට අතවර කළ සැමියාගේ ඥාති පුතෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව එප්පාවල පොලිසිය පවසයි. මෙම සිදු වීම එප්පාවල පොලිස් වසමේ ගම්මානයකින් වාර්තාවේ..
Read Moreවරාය අධිකාරියේ අධ්‍යක්ෂක මානව සම්පත් කළමනාකරුගේ බොරලැස්ගමුව කටුවාවල නිවසට උල් පිහියක් රැගෙන ඇතුළු වි මෙහෙකාරිය බියගන්වා රුපියල් කෝටි 1 1/2 ආසන්න වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
Read Moreතායිලන්තය විසින් පරිත්‍යාග කරන ලදුව ශ්‍රී ලංකාවේ සත්වෝද්‍යානයක ජීවත් වන ඉතිරි තායිලන්ත අලි දෙදෙනා ගැන තායිලන්ත ජනතාව සැලකිලිමත් වන්නේ නම් ඔවුන්ද ආපසු ගෙන්වා ගැනීමට තම අමාත්‍යාංශය විදේශ අමාත්‍යාංශය සමඟ කටයුතු කරන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරාවුත් සිල්පා ආර්චා මහතා පැවැසීය.
Read Moreමෙවර වාරගන් කාලයත් සමග ගල්කිස්ස වෙරළ තීරයේ විෂසහිත ජෙලිපිෂ් වර්ගයක් ගොඩ ගසා ඇති බැවින් සංචාරකයන් රල පෑගීමෙන් හා මුහුදු ජලය පරිහරණය කිරීමෙන් වලකින ලෙස ධීවර ජනතාව ඉල්ලා සිටී .
Read More