වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35000 ක දීමනාව සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටද ලබා දෙන ලෙස රජයට බල කරමින් දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක පැය 24ක සංකේත වැඩ වර්ජනයට හාත්පසින් වෙනස් ආකාරයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලේ කාර්ය මණ්ඩලය රෝගීන්ට සුපුරුදු සේවය සපයන ආකාරය අද (16) දක්නට ලැබිණි.
වර්ජනයට ඖෂධ සංයෝජකයින් හා ඖෂධ වේදීන් පමණක් සේවයට වාර්තා නොකර සහය දැක්වීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ෆාමසි වලින් ඖෂධ ලබා ගැනීම සඳහා බෙහෙත් තුන්ඩු නිකුත් කිරීම සිදුකෙරිණි
රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය සුපුරුදු ලෙස රෝගීන් වෙනුවෙන් අනෙකුත් රාජකාරිවල නියැලෙනු දක්නට ලැබිණි
රෝගීන් ඇතුළත් කිරීම, ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන් වෛද්‍යවරුන් වෙත යොමු කිරීම ,සායන වලට දින ලබාදීම, දන්ත සායන පවත්වාගෙන යාම ආදිය කනිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු දක්නට ලැබිණි
මේ හේතුවෙන් පැමිණි බහුතරයක් රෝගීන් බණ්ඩාරගම දිසාරෝහලේ කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුති ප්‍රණාමය පුද කරන අයුරුද දක්නට ලැබිණි
මේ පිළිබඳ අදහස් දැක්වූ බණ්ඩාරගම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ජේ පි සුභසිංහ මහතා,
දිවයින පුරා මෙහි වැඩ වර්ජනයක් පැවැත්වුවත් අපි පුළුවන් ආකාරයෙන් බණ්ඩාරගම දිසා රෝහලේ සේවාවන් පවත්වාගෙන යනවා.
අපේ දන්ත සායන වගේම අනෙකුත් සායන හැකි ආකාරයෙන් පවත්වාගෙන යනවා මහජනයා වෙනුවෙන්.
බාහිර රෝගී අංශය වෙත පැමිණෙන රෝගීන්ට , බාහිරින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තුන්ඩු ලියා දෙනවා
අපි මහජනතාවගෙන් වැටුප් ලබන සේවකයින් හැටියට හැමදාමත් වර්ජන කියලා හරියන්නේ නැහැ .නමුත් අපි පුළුවන් ආකාරයෙන් සේවාවන් පවත්වාගෙන යන්නට උත්සාහ කරනවා මහජනතාවගේ සුභ සිද්ධිය ගැන හිතලා" යැයි පැවැසීය.
