ඉන්දීය වයලීන් රජු අම්බි සුබ්‍රමනියම් අද ලංකාවට
මෙරට යාපනයේ ඉපිද 1982 දී ඉන්දියාවට සංක්රමණයවූ සුප්‍රසිද්ධ වයලින් වාදන ශිල්පී පන්ඩිත් ලක්ෂ්මීනාරායන සුබ්‍රමනියම් මහතාගේ පුත්, ඉන්දියානු සම්භාව්‍ය වයලීන් වාදනයේ නව රජු ලෙස කිරුළ දරන ඉන්දීය සංගීතඥ ආචාර්ය අම්බි සුබ්‍රමනියම් මහතා සංචාරයක් සඳහා අද (17 ) මෙරටට පැමිණිමට නියමිතය.
අද සිට 21 දා දක්වා මෙරට රැඳී සිටින අම්බි මහතාගේ ශාස්ත්‍රීය සංගීත වැඩ මුළුවක් හා වයලින් වාදනයක් හෙට පස්වරු 1.00 ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පීඨ ශ්‍රවනාගාරයේදි ද අම්බි මහතාගේ සංගීත ප්‍රසංගයක් අද පස්වරු 06.30ට විශ්ව විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදීද නොමිලේ පැවැත්වෙන බව ඒවා සංවිධානය කරන පේරාදෙණිය විශ්ව ව්ද්‍යාලය සඳහන් කරයි.
මේ සංගිත ප්‍රසංගය සඳහා 5000 ක පිරිසකට නොමිලේ සහභාගි විය හැකි බැව්ද එම විශ්ව විද්‍යාලය පවසයි.
ජේ. ඉඳුරුවගේ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

