ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අධ්යක්ෂ Peter Breuer මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායම අද (14) සවස උතුරු පලාතේ සංචාරයක නිරත විය.
උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පළමුව උතුරු පලාත් අණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය හමු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස උතුරු පලාතේ ජනජීවිතයේ වර්ථමාන තත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විමසා බැලීය.
උතුරු පලාතේ ජීවත්වන ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම, ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය, ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා ක්‍රියාත්මක කල හැකි සාධනීය යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය.
ඉන් අනතුරුව උතුරු පලාත් ආන්ඩුකාර කාර්යාලයේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිස උතුරේ ව්‍යාපාරික නියෝජිතයින්, සරසවි නියෝජිතයින් පිරිසක් මෙන්ම සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකුද හමු වී සාකච්ඡාවක නිරත විය.
මෙහිදී උතුරේ ව්‍යාපාරික ප්‍රජාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වෙතට දැනුම් දී සිටියේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් උතුරේ නැවත පදිංචි වූ ජනතාවට විවිධ අවස්ථාවන්හි ගැටලු සහගත තත්වයන්ට මුහුණ පෑමට සිදුව ඇති බවටය.
ඒහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් පෙන්වා දී ඇත්තේ උතුරේ වැසියන්ට මෙන්ම ශ්‍රීලංකා වාසීන්ට නව බදුප්රතිපත්තිය හේතුවෙන් අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත්තේ අතීත අවධිමත්වූ බදුප්‍රතිපත්ති හේතුවෙන් බවටත් නව බදු ප්‍රතිපත්තිය යම් කාලයක් ඉවසාගෙන සිටින්නේ නම් රටේ සංවර්ධනය කරා ගමන් කිරීමට හැකියාවක් ඇති බවටය.
ඒමෙන්ම මේ වන විටත් ශ්‍රීලංකාව ඒවැනි වූ ධනාත්මක රටාවකට ගමන් කරමින් සිටින බැවින් යම් කාලයක් ඊට ගතවන බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.