හංවැල්ල ජල්තර ප්රදේශයේ අතහැර දමා තිබූ ගල් කොරියක් මත මත්පැන් සාදයක් පැවැත් වූ දෙමස්සනාගෙන් එක් පුද්ගලයෙකු ගල් කොරියේ අඩි පනහක් පමණ උසින් බිමට වැටී මියගොස් සිටියදී අද (14) දා දහවල් සොයාගත් බව හංවැල්ල පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ හංවැල්ල , රනාල , ජල්තර , නවකන්ද පාර , අංක 147 / 8 හි පදිංචි කුඩා අතුරුගිරිගේ නිශංක කුමාර නමැති (27) හැවිරිදි එක් දරු පියෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා සිය මවගේ නිවසට පැමිණ සිටියදී ඊට යාබදව පිහිටි නිවසේ පදිංචි මස්සිනා සමග මෙම ගල් කොරිය මතට පැමිණ (13) දා අළුයම 02 පමණ වනතෙක් මත්පැන් සාදයක් පවත්වා තිබේ.
පසුව අලුයම දෙකට පමණ සාදය නවත්වා මියගිය පුද්ගලයාට නිදිමත යැයි පවසා අඩි පහක පමණ බෑවුමක් සහිත ගල් කොරිය මත නිදාගෙන තිබේ. ඉන් මඳ වේලාවකට පසුව අනිත් පුද්ගලයාද එම ස්ථානයේම නිදාගෙන ඇති අතර (14) දා දහවල් 10 පමණ ඔහු අවධි වී බැලීමේදී තමා සමග නිදාගත් අනෙත් පුද්ගලයා නිදා සිටි ස්ථානයේ නොමැති බව දැක අවට විපරම් කර බැලීමේදී නිදාසිටි ගල්කොරිය මත සිට අඩි පනහක් පමණ පහලින් පිහිටි ගල් වල මතට වැටී සිටිනු දැක තිබේ.
ඒ අනුව ක්ෂණිකව එම ස්ථානයට ගොස් බැලීමේදී ඉහලින් බිමට වැටී අනතුරට පත්ව සිටිනු දැක පසුව ඥාතීන්ට දන්වා ඔවුන් සමග අනතුරට පත්ව සිටි පුද්ගලයා මත්පැන් සාදයට සහභාගි වූ අනෙත් පුද්ගලයාගේ නිවසට ඔසවාගෙන රැගෙන විත් තිබේ.
එහෙත් මොහු කිසිදු ප්රතිචාරයක් නොදැක්වීම නිසා සැකසිතී 119 හදිසි ඇමතුම් අංකයට දැන්වීමෙන් පසුව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේ දී ඔහු මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව හෝමාගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු මානෙල් ගමගේ මහත්මිය එම ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළාය.
ඊට අමතරව මෙම මරණය සිදුවූ ආකාරය තවදුරටත් විමර්ශනය කොට වාර්තා කරන ලෙසටද සාම විනිසුරු මානෙල් ගමගේ මහත්මිය පොලිසියට නියෝග කළාය.
මත්පැන් පානය කිරීමෙන් අනතුරුව දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මොහු මිය ගියාද නැතහොත් නිදා සිටි ස්ථානයේ සිට පෙරළී ගොස් පහළට වැටී මියගියා ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිස් විමර්ශන ක්රියාත්මකය.
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියේ පොලිස් සැරයන් රණසිංහ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
කොට්ටාව ප්රදීප් කුමාර
