saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3168 hours ago

LATEST

ලෝක බැංකුවේ ණයත් සමන්තා පවර්ගේ පොහොර උපකාරයත් නොවන්නට මට මේ තනතුර නෑ

calendar_today 2023 සැප් 29 - 09:23 remove_red_eye - 1640  

ශ්‍රී ලංකාවට මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ලෝක බැංකුව සිදු කළ උපකාර සහ මගේ පැරණි මිතුරිය සමන්තා පවර් මහත්මිය අපට පොහොර ලබාගැනීම සඳහා කළ උපකාරය නොවන්නට මට අද මෙහි පැමිණීමට හැකිවන්නේ නැහැ. මොකද එම උපකාරය නොලැබුණා නම් අද මම මෙම තනතුරේ නොසිටින්නට ඉඩ තිබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මකයි – වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

Read More

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ.

Read More

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ලබන මස 3 වැනිදා අඟහරුවාදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

නිපා වෛරසයට ගොදුරු වූ දරුවන් දෙදෙනෙකු රිජ්වේ ආර්යා ලමා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය තුල සංසරණය වන පුවත් සාවද්‍ය බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වෛද්‍ය ජි විජේසුරිය සඳහන් කරයි.

Read More

කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

Read More

වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29 කට නායයෑමේ අනතුරු ඇඟවීම් අද (28) නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 අගෝස්තු මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.3 දක්වා පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගෙවී ගිය කාලය තුලදී යාපනය දිස්ත්‍රීක්කයේ ජනතාවට කිඹුලන්ගෙන්, වන අලින්ගෙන් සහ වඳුරන්ගෙන් දැඩි ලෙස පීඩා විඳීමට සිදුව ඇති හෙයින් වහාම විසඳුමක් ලබාදිය යුතු බවට යාපනය ජනතාව ඇතුලු සිවිල් සංවිධාන මගින් පෙන්වා දෙයි.

Read More

රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ගිනි අවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්/ ආයතන විසින් 2024 වර්ෂය වෙනුවෙන් සිය ගිනිඅවි (තුවක්කු) බලපත්‍ර අළුත් කිරීම 2023.10.01 දිනෙන් ආරම්භ වී 2023.12.31 දිනෙන් අවසන් කිරීමට තීරණය කර ඇති අතර, මේ පිළිබඳ තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් www.defence.lk බාගත හැක.

Read More

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණය නියෝග කළේය.

Read More

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාවීමේ භාග්‍ය ලැබූ දම්සෝ ආදි සිසු දිනේෂ් චන්දිමාල් මහතාගේ ධන පරිතාගයෙන් ධර්මාශෝක විදුහල් බිමෙහි ඉදිවූ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය ඔක්තෝම්බර් මස පළමු වැනිදා පෙරවරු 9 යට ධර්මාශෝක විදුහල් ක්‍රිකට් ක්‍රීඩක අයිතියට පත් කෙරේ. දම්සෝ ආදි සිසු දිනේෂ් චන්දිමාල් මහතා මේ සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ දෙසීයකි.

Read More

පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 3 වැනිදා සිට 6 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගිය සැප්තැම්බර් 22 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ.

Read More

2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම් පත් නිකුත් කිරීම 2023.10.04 දින සිට 2023.10.06 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.

Read More

කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමග ඊයේ (26දා) සිට අස්ථානගත වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Read More

VIP වරප්‍රසාද භාවිත කර ගුවන්තොටුපලින් රත්රන් ගෙන ආ මන්ත්‍රීවරයාට විරුද්ධව පාර්ලිමෙින්තුවේ සියලු මන්ත්‍රීවරුන් ඒකමතිකව විරුද්ධ වී යෝජනාවක් ගෙන ආ සේ අප රට මත්පැන් දුම්කොළ දුම්වැටි භාවිතයෙන් රට මුදවා ගැනීමට පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකග වන්නේ නම් රටක් ලෙස පරමාදර්ශීව එය සිදු කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම රෝහලේ පස්වෙනි මහලෙන් පැන සියදිවි හානි කරගත් 18 හැවිරිදි තරුණයා අධික ලෙස ජංගම දුරකතනයට ඇබ්බැහි වී විශාදය තත්වයෙන් පෙළුණ අයෙක් බව ඔහුගේ මරණ පරීක්ෂණයේදී හෙළිව තිබේ .

Read More

හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇතැයි පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඔස්වල් පෙරේරා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මාතර දික්වැල්ල හා ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වන චමින්ද රෝෂාන් ප්‍රනාන්දු” ඇන්ටන් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු” දුලාජ් රවීන්ද්‍ර පෙරේරා” සුරංග බලඤ්ඤ සහ තරිඳු ජයමාල් ප්‍රනාන්ද නමැති ධිවරයින් පස්දෙනාටය.

Read More

මෙම රීට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

Read More

තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් අද(27) මරණ දඩුවම නියම කළේය .

Read More

රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ පොලී රඳවා ගැනීම නිසා ඇතිවී තිබූ ගැටළුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Read More

ගුරු පත්වීම් ලබා දීමේදී පළාත තුළ පුරප්පාඩු පිරවීමට පියවර ගත යුතු බවත් මත්ද්‍රව්‍ය ව්‍යාපාර වැළැක්වීමට ස්වේච්ඡා වැඩපිළිවෙළක් නැවත අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

මවගේ රැකවරණය මැද මෙම දැරිය ජීවත්ව ඇති බවත් , ප්‍රේම සම්බන්ධයෙක් පිළිබදව මව විසින් අවවාද කිරීමෙන් පසු ,ඇය සිත්තැවුලට පත්ව සිටි බවත් හදිසි මරණ පරීක්ෂණයේ සාක්කි වලින් අනාවරණය වූබව හදිසි මරණ පරීක්ෂක ලීලා රත්න මහතා පැවසීය .

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අධියරේ ඉදිකිරීම් අවසන් කර එහි මෙහෙයුම් කටයුතු ලබන 2024 ජූනි මස පළමුවැනිදා සිට අරඹන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය.

Read More

නොමිල අධ්‍යාපනයක් සහිත ලොව අතළොස්සක් රටවල් අතරට එක් වන මෙරට රජය, පළමු ශ්‍රේණියේ සිට ප්‍රථම උපාධිය තෙක් නොමිලේ ලබා දෙන නිදහස් අධ්‍යාපන අවස්ථා තව දුරටත් පුළුල් කරමින් සිව් වයස් සපුරන සියලු දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්ය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හෙට දිනයේදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කදවුරේ ( වෙඩි පුහුණු පිටිය) සිදුවු පිපිරිමකින් නායක ගුවන් භටයකු මරණයට පත්වි තවත් නිළධාරීයකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලිසිය කියයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ පැවැත්වෙන ’’ බර්ලින් ගෝලීය සැසි වාරයට ’’ සහභාගී වීම සදහා අද (27දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.