saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 278 hours ago

LATEST

මාතර නිල්වලා ගඟබඩ උද්‍යානය වසා දමයි

calendar_today 2025 ජුලි 21 - 19:57 remove_red_eye - 2366  

මාතර නිල්වලා ගගබඩ උද්‍යානය අනාරක්ෂිත බවත් එහි අනවසර ඉදි කිරිම් ඇති බවත් ඒ මගින් මහජන පීඩාවක් සිදු වන බවත් මාතර මූලස්ථාන පොලීසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම උද්‍යානය ලබන අගෝස්තු මස 26 වැනි දින දක්වා තාවකාලිකව වසා දමන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (21) සීමාසහිත ම

2025 වසරේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දින නියම කරමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා රේගුව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මගින් අත් අඩංගුවට ගත් විශාලතම තහනම් මත් පෙති ලෙස හැදින්වෙන ට්‍රැමඩෝල් නැමති ඖෂධ කෝටි දෙකකට ආසන්න ප්‍රමානයක් කොළඹ අංක 6 මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා ඉදිරියෙ පුත්තලම පාලවිය පිහිටි සිමේන්ති කර්මාන්ත ශාලාවේ අධි තාප උදුනේ දමා විනාශ කිරීම 21 දින සවස සිදුවිය.

Read More

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා​ගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ.

Read More

බංග්ලාදේශයේ ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් ඩකා හී පිහිටි පාසලකට කඩා වැටී සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (21දා) පෙරවරුවේ පැවැත්විණි.

Read More

නිදහස් සහ සාධාරණ මැතිවරණයන් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වයේ (PAFFREL) කාන්තා නායිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (17) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

Read More

බංග්ලාදේශයේ ගුවන් හමුදාවට අයත් යානයක් ඩකා හී පිහිටි පාසලකට කඩා වැටී තිබේ.

Read More

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනූනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය මේ මස 24 වැනි දින සවස රාජ්‍ය අනුග්‍රහය සහිතව අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට තීරණය විය. බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහා විහාරයේ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අනුස්මරණ ශාලාවේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව එය තීරණඅපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනූනායක අතිපූජ්‍ය ය විය

Read More

ලංකාවේ පළමු වතාවට ජාතික පුවත්පත් වල සහ චිත්‍ර කථා පොත්වල මුල් පිටපත් ප්‍රදර්ශණයක් (21) දින තලවකැලේ සුමන මහාවිද්‍යාලයේ දි ආරම්භ කෙරිණ.

Read More

පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ උක් ගොවීන්ට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් පාලන අධිකාරිය මඟින් නොගෙවීම ඇතුළු තවත් ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් පැල්වත්තේ උක් ගොවීන්,සේවකයින් ඇතුළු සැපයුම්කරුවන් පිරිසක් (21) වෙනිදා බුත්තල නගරයේදී විරෝධතා ව්‍යාපාරයක නිරත විය.

Read More

මෙම සතියේ පාර්ලිමේන්තුව හෙට(22දා) සිට ලබන 25 දක්වා දින 04ක් පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට අද (21දා) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නේය.

Read More

උතුරු ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ ආධාර ලොරි එනතුරු බලා සිටි ගාසා වැසියන් අවම වශයෙන් 67 දෙනෙකු ඊශ්‍රායල හමුදාව ඝාතනය කර ඇති බව හමාස් සංවිධානය පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

තැපැල් සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමේ ගැටලුවට අද(21දා) විසඳුම් නොලැබුණ හොත් වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාස්සගල වත්තේ අක්කර 22ඉඩම සමග හන්තාන ප්‍රදේශයෙන් අක්කර 43ක් සී.කිරිඇල්ල යන අය විසින් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) විශේෂ අවධානය යොමු විය.

Read More

කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේ බස් රථ දෙකක් එකිනෙක ගැටී අද(21දා) අලුයම සිදුවූ අනතුරක් සිදුව තිබේ.

Read More

ඇතැම් ප්‍ර දේශවල කුකුල් මස් (දවස) කිලෝවක සිල්ලර මිල රුපියල් එක්දහස් පන්සියක් දක්වා ඉහල ගොස් තිබේ.

Read More

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදසිස් හිමියන් අපවත් වූහ. හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ උන්වහන්සේ අපවත් වූහ.

Read More

දේශීය කිරි අවශ්‍යතාවෙන් දැනට නිෂ්පාදනය වන 40% ක ප්‍රමාණය 80% දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කූඨ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ජාතික ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ජපානය , තුර්කිය හරහා යුරෝපය වෙත පැන යාමට තැත් කළ ඉරාන ජාතිකයෙකු 07/19 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ( Border Surveillance Unit ) නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට කල හැක්කේ වැව් රක්ෂිත ප්‍රදේශවල ඉදි කිරීම් සිදු කරන්නන් හට පොලිසියේ පැමිණිලි කිරීම පමණක් බවත් වාරිමාර්ග නිලධාරින්, ආයුධ අතැති පිරිසක් නොවන බැවින් රක්ෂිත ප්‍රදේශ අල්ලන පුද්ගලයන් සමග ගැටුම් ඇතිකර ගැනීමට නොහැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂක ජෙනරාල් අජිත් ගුණසේකර මහතා පැවසීය.

Read More

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කළි ඩෙල්ටා ගුවන් සේවයේ ගුවන් යානයක් ගුවන් ගත වීමේදී එක් එන්ජිමක ගින්නක් ඇතිවීමෙන් පසු ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපළට ආපසු ගොඩ බස්සවා තිබේ.

Read More

වැව් රක්ෂිත හා වැව් තාවුලුවල කවුරු හෝ ඉන්නවා නම් ඔවුන් අයින් කරන්න පෙර ඉන් ඉවත්ව යන ලෙසත් වැව් රක්ෂිතවල ඉදිකර තිබෙන හෝටල් චන්ද්‍රසේනගේද,ඩඩ්ලි සිරිසේනගේද යන්න තමන්ට එය අදාල නොවන බව කෘෂිකර්ම,වාරිමාර්ග,ඉඩම් හා පසු සම්පත් අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා තඹුත්තේගමදී පැවසීය.

Read More

දකුණු කොරියාවේ දින ගණනාවක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.

Read More

හුන්නස්ගිරිය මීමුරේ ප්‍රාද්ශයේදි ඊයේ 19 වන දින සවස වැන් රථයක් පෙරළීමෙන් සිදු වු රිය අනතුරින් මිය ගිය සංඛ්‍යාව හතර දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය කියයි.

Read More

සීගිරිය පොලිස් බල ප්‍රදේශයේ ඉනාමලුව රජයේ තේක්ක රක්ෂිතයේ මහා වන මැද කම්කරුවන් රැඳී සිටි වාඩියක 19 දින රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් පහර කෑමකට ලක්ව එක් අයෙකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සීගිරිය පොලිසිය කියයි.

Read More

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් ජීප් රථයක් එකලස්කරණ ලද එකක් බවට ලැබුණු තොරතුරක් මත එම ජීප් රථය පරිහරණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගේ පුත් රසික බුද්ධික විතාන මහතාව අගෝස්තු 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මහත්මිය අද නියෝග කළේය.

Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ත් 30ත් අතරට ගෙන ඒම අරමුණක් බවත් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වැඩිකරන්න ඉදිරියේදී කටයුතු කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.